IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අ’පුර පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ අනවසර ඉදිකිරීමක්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර පූජා භූමියේ පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් ඇති භූමියක කාන්තාවක් විසින් අත්තිවාරම කපා එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටින ආකාරය එම ප්‍රදේශයේ අද (09) කළ සංචාරයකදී දක්නට ලැබුණි.

අනුරාධපුර පූජා නගරයේ සංඝමිත්තා මාවත ආසන්නයේ පිහිටි පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ දකුණු පස පුරාණ නගර බැම්ම කපා දමා ඒ මත මෙම කාන්තාව විසින් අත්තිවාරම කපා ස්ථිර ගොඩනැගිලලක් ඉදිකරමින් සිටිති.

මෙම ඉදිකිරීමේ හේතුවෙන් පුරාණ නගර බැම්මට දැඩි හානි සිදුවි ඇත.

පුරාවිද්‍යාත්මකව වටිනාකමක් ඇති මෙම ස්ථානයේ කාන්තාවක විසින්  මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු විමතියට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ පියතිලක බණ්ඩා මහතා ගෙන් කඵ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අනුරාධපුර පොලිසියට පැමිණිලි කර ඇති බවයි.



අදහස් (5)

අ’පුර පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක භූමියේ අනවසර ඉදිකිරීමක්

Raveendra Tuesday, 09 July 2019 01:41 PM

මෙම පුවතෙහි සඳහන් කරුණු එලෙසම සිදුවී ඇත්නම් අනිවාර්යයෙන්ම මූසල දේශපාලුවෙකුගේ වැඩක් නැත්නම් කාලකන්නි දේශපාලුවෙකුගේ නපුංසක ගොට්ටෙක්ගේ සම්බන්ධයක් ඇති...

:       0       356

ලුම්බිණි Wednesday, 10 July 2019 02:18 AM

අනවසර ඉදිකිරීමක් නම් තව මොනවද බලන් ඉන්නේ? පොලිසියට පැමිණිලි කර ඇති පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

:       0       5

සෙනෙවිරත්න Wednesday, 10 July 2019 04:47 AM

මේක උතුරෙ කලොත්?

:       1       12

chandana Wednesday, 10 July 2019 05:05 AM

යහපාලනය යන්නෙහි අර්ථය ඕනෑම අවැඩක් කිරීමට ලද අවසරයක් ලෙස එලෙස කියා දී තිබෙනවා.

:       1       5

දිමුත් Wednesday, 10 July 2019 08:37 AM

අනිවාර්යයෙන්ම කාගේ හරි "සම්බන්ධයක්" මෙයාට ඇති..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 300 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site