IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අ’පුරේ පුරාණ දාගැබක් ඩෝසර් කර වගා කරලා

(නිමල් ජයරත්න)
 
ලංකාපුර සිංහරාජගම වෙට්ටකාඩු ප්‍රදේශයේ ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ පේරණ කලාපයේ පිහිටා තිබූ අනුරාධපුර මුල් යුගයට අයත් මහ දාගැබක් මීට දින කිහිපකට ඩෝසර් කර විනාශ කර දමා  කුඹුරු වගාව සඳහා යොදාගෙන ඇතැයි  ඕනෑගම මැදමළුව මහ විහාරාධිකාරී නිකපිටියේ චන්දිම හිමියෝ පවසති.
 
පුරාවිද්‍යා වටිනාකම් ඇති මෙම ප්‍රදේශයේ පැරණි ආරාම, චෛත්‍ය සහ සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන විනාශ කර නිධන් වස්තු ලබාගෙන ඇති බවද උන්වහන්සේ පැවසූහ.
 
විනාශ කර තිබෙන දා ගැබ අසළ තිබී ඉපැරණි කාසි, පබළු, ගඩොල්, ඖෂධ ඇඹරුම් ගලක්, සඳකඩ පහණක කොටසක් සහ වටිනා පුරාවස්තු කිහිපයක් සොයාගෙන  තිබේ. එහි නිධන් වස්තු ද  මෙම කණ්ඩායම රැගෙන ඇතැයි චන්දිම හිමියෝ කියති.
 
මහවැලි ගඟෙන් එන ජලය හරස් කර වෙට්ටකාඩු අමුණ මගින් ජාතික වනෝද්‍යානයට ගන්නා ජලයෙන් අනවසරයෙන් කුඹුරු අස්වද්දා ඇති බවද, මේවනවිට දැව ජාවාරම්කරුවන් සහ දඩයක්කරුවන් අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක වූ කුඹුක් ගස්වලට ගිනි තබා විනාශ කර ඇතැයිද පැවසූ ඒ හිමියෝ බලධාරීන්ට ඒ පිළිබඳව පැවසුවද මෙතෙක් විසඳුමක් ලැබී නැති බවද සඳහන් කළහ.
 
සුංගාවිල අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් මහතාගෙන් විමසූවිට ඔහු සඳහන් කළේ, වනෝද්‍යානයේ සහ පේරණ කලාපයේ සිදුවන මෙම විනාශය පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කර නීතිමය පියවර ගැනීමට ක්‍රියා කර ඇති බවය.




අදහස් (12)

අ’පුරේ පුරාණ දාගැබක් ඩෝසර් කර වගා කරලා

jagath Sunday, 08 March 2020 04:50 AM

පුර වස්තු විනාස කරන අයගේ සියලුම වත්කම් රජයට පවරාගෙන පන්සල් ඉදිකළ යුතුයි.

:       7       90

prakaash Sunday, 08 March 2020 04:54 AM

මේ ගැන ජනාධිපති තුමාට දන්වන්න. නැත්නම් අපරාධ කරන අයට එරෙහිව නීතිය අතට ගන්න.

:       80       117

janisSunday, 08 March 2020 07:17 AM

ඩිස්ලයික් කරපු හේතුව කුමක්ද ?මෙතන දේශපාලන ඇසින් බලන බත් කන ගොන්නු ඉන්න අපේ රටේ.

:       103       41

AsankaSunday, 08 March 2020 07:47 AM

බොරුවට නැළවෙන්න හදන්න එපා. හැමදේම ජනාධිපතිට කියන්න ඕන නැහැ. ඒකට නිලධාරීන් බලධාරීන්, දේශපාලන නායකයින් මැති ඇමැතින් ඉන්නවා. අනික මේවා ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන නැහැ. පොලිසි වනජීවී, තව තව දෙපාර්තමේන්තු ඉන්නවා ඔය හැමෝටම පඩි ගෙවන්නේ ඕව රැකගන්න තමයි. මොකද ගස් දහස් ගානක් හොරෙන් සද්ද නැතුව කපලා අදින්න, වගා කරන්න පුලුවන්ද ? අපේ ගෙවත්තේ වලක් , ගහක් කපන්න හැදුවොත් පොලීසිය එනවා තුවක්කු දික් කරන්. කෝ දැන් ආවද මේවට ?

:       66       64

prakaashMonday, 09 March 2020 11:57 AM

ජනපති මේවාට නිසි පිළිතුරු ලබා දෙනු ඇතැයි විශ්වාසයක් ඇති නිසා මිස නැළවීමක් නොව. අනෙක අදාළ ඇමතිවරු නොසලකා හරී නම් එයට පිළිතුරු ලැබීමේ මග එයයි. නොඑසේනම් අපරාධයට දඬුවම ජනතාව විසින්ම කළයුතුයි. එයමයි සත්‍යය...

:       0       1

mohomed Sunday, 08 March 2020 05:56 AM

මේවා යහපාලන කාලේ කරා නම් ........................

:       7       462

සාරවිට Sunday, 08 March 2020 07:44 AM

යහපාලන කාලේ කළානම් ගිහින් ඇති.

:       0       3

PradeepSunday, 08 March 2020 08:27 AM

පෞද්ගලිකව මට නම් මේ වැරදි කරන කාලය වැදගත් නෑ. කරන වරද තමයි වැදගත්. මොකද කවුරු කළත් වරදක් නම් එය වරදක්ම තමයි. ඊට නිසි දඬුවම් ලැබිය යුතුමයි.

:       0       26

Maduranga Sunday, 08 March 2020 06:33 AM

මේ විනාශ වෙන්නේ අපේ ඉතිහාසය. රටක් ජාතියක් ගැන හැඟිමක් නැති කෙහොම හරි සල්ලි හම්බ කරලා ජීවත් වෙන්න උත්සාහ කරන නොමිනිස්සු ජාතියක් බිහිවෙලා තියෙනවා කියලා මට හිතෙනවා මේවා දැක්කම......මේක මගේ රට, මගේ ඉතිහාසය කියන හැගීම ලමයින්ට කාවද්දන්න ඕනේ පාසල් කාලේ ඉදන්ම. එහෙම හැගීමක් ඇතුව සමාජයට එන ළමයි කන්න බොන්න නැතුව මැරෙන්න ගියත් මේ වගේ අපරාධ කරලා සල්ලි හොයන්න හිතන එක නැතිවෙයි.

:       0       34

Nuwan Sunday, 08 March 2020 06:45 AM

තාම අර කොන්ද පන නැති එක්කෙනා නේද ඉන්නේ ? දන්නේ නැති නිසා ඇහුවේ. පරණ එක්කෙනාට වඩා අන්තයි වගේ මෙයා. එයා හොදයි කියලා හිතෙනවා.

:       1       37

Kamal Sunday, 08 March 2020 07:07 AM

දේශප්‍රේමී ජනපති කෙනෙක් පත්කර ගත්තේ මේවා බලන්නද ?

:       1       36

tharindu Sunday, 08 March 2020 09:13 AM

අපි මොකවත් නොකියා ඉමු... ජාතිවාදේ ඇවිස්සෙයිනේ...

:       31       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29875 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12039 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10890 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 752 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 225 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 876 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site