(සුජිත් හේවාජූලිගේ)

කෝවිඩ් - 19 එන්නත පෞද්ගලික බස් රථ සේවකයිනට සති දෙකකදී ලබා නොදුනහොත් අනිවාර්යෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

අප සේවක මහත්වරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි‘‘ යැයි ද ඔහු  කීය.

කොවිඩ් එන්නත සති දෙකක් ඇතුළතදී ලබා නොදුනහොත් රාජකාරියට ඉවත්වන බවට බස් රථ සේවකයන් දැනුම් දුන් බව කී විජේරත්න මහතා සංගමය ඒ අයට උපරිම සහාය දෙන බව ද ප්‍රකශ කළේය.

පෞද්ගලික බස් රථ සේවකයන් කෝවිඩ් අවදානම් කණ්ඩායම් අතර මුල් පෙළේ සිටින පිරිසක් බව සෞඛ්‍ය නිලධාරීහු පෙන්වා දෙති.

කොළඹ පැවැති මාධ්‍ය හමුවදී විජේරත්න මහතා ඒ බව කීය.