(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළයුතු වන්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය.
ජනාධිපතිවරණයට නිල වශයෙන් නාම යෝජනා කැඳවීමට පෙර අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ ව්‍යවස්ථාව අනුව බලයක් නැති බවද නානායක්කාර මහතා සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා කමිටුවක් පත් කරන අතර ජනාධිපති අපේක්ෂකයා තෝරා ගනු ලබන්නේ එම නාම යෝජනා මණ්ඩලය විසින් බව කී ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා එම නාම යෝජනා කමිටුව විසින් ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව ඒ තැනැත්තාගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කළයුතු බවද සඳහන් කළේය.
අදාල ප්‍රතිපාදන සහිත පක්ෂ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුයේ මෙරට පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවද නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
අපරාදේ කියන්න බැහැ ව්‍යවස්ථාව අකුරටම රකින සෙට් එක. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවෝ.
මේ නීති ලේකම් පොළොවේ පය ගහල ඉන්න කෙනෙක්ද? මේ කියන්නේ මොන හාස්‍යට කාරණයක්ද? තරගයක් දිනන්නනම් නායකයා පත්කලයුත්තේ හැකිතරම් ඉක්මනින්.මොකද ජනාදිපති වරණය සදහා මුළු රටම ආවරණය වන පරිදි සැලසුම හදන්න ලොකු කාලයක් උවමනය්.සජිත් පොඩි මිනිහට යමක් කරලා රටේම චන්ද පදනම හදාගෙන දැනට ඉස්සරහින්ම ඉන්න කෙනා.ඔය කොන්ද නැති නායකයා දැන් ගේම් ගැහුවා ඇති.මොකද බහුතර ජනතාව ඉල්ලන්නේ සජිත් බව මුළු රටම දන්නවා.
ඔවු ජේ .ආර්. හදපු විවස්තාවන් ඔක්කොම බරපතලයි. උඩින් බොහොම ලාවට උජාරුවට පෙනුනට යටින් නම් බරපතලයි. අවස්ථා ගණනාවකදී එතුමා විසින්ම කියලා තිබුනාලු අපේ ආණ්ඩුක්‍රම විවස්තව ලෝකයේ බලගතුම එකක් කියලා. වැරදි අතකට පත් වුවොහොත් රටේ අගාදය කියලත් කියලා තිබුනා වගේ මතකයි. අද අපි ...........
මුන් වැල් බයිලා ගහන්නෙ.සජිත් ඇමතිතුමනි ඕවට රැවටෙන්න එපා.ඔබට සහයෝගය නොදෙන හැම එකාගෙම සිහිනය වී තියෙන්නෙ ජනාධිපතිවිමටයි.ඒ නිසා ඔවුන් එන්න කියන හැම අවස්ථාවකම සාකච්ජා කරන්න.ඔබ ඔබේ ගමන යන්න.ඔබට හිතවත් රටපුරා බිම් මට්ටමේ නායකයින් සුදානම් කරන්න.ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවු වහාම රට නගන හොරුන්ගෙන් තොර පාලනයක් ජනතාවට ඉදිරිපත් කර ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණ සටනට යන්න.ගමේ නගරයේ හැම දෙනාගේම පැතුම ඔබයි.අනිවාර්යයෙන්ම ඔබට තරුණ ජන්ද සහ පාවෙන ජන්ද ලැබෙනවා ස්ථිරයි.කොළඹ දිස්ත්‍රික්කය යම් හෙයකින් පරාජය වුණත් ඔබට දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක වලින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගත හැකියි.
ජනාධිපතිවරණයෙන් පසුව තේරුවත් කමක් නැත, නොතේරුවත් කමක් නැත.
තව චූට්ටක් ඕනේ... එතකන් ඉන්න...
පරදින ගුටිකෙලියට අඳින අමුඩේ දිග වැඩියි.
මෙන්න නියම නීති උපදේශකයෙක්... මෙයා කියනවා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස්කලේ ජේ.ආර්. කියලා. නමුත් 1975 තිබීමට නියමිතව තිබූ 1977දී පැවැත්වූ මහා මැතිවරණයට ජේ.ආර්. අපේක්ෂකයින් පත්කර කැන්වසින් ගොස් සූදානම් වුනේ 1973 සිටයි. දැන් පක්ෂයේ ක්‍රියාකාරකම් බැලුවම තවත් දින ගණනකින් හෝ වැඩිම වුණොත් මාසයක් ඇතුළත ජනාධිපතිවරණයට නාමයෝජනා බාරගන්න වෙනවා කියා කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශකලා. එහෙම තිබියදී අපේක්ෂකයා තේරීම ඔහොම පමාකරමින් සිට නාමයෝජනා කැදවීමෙන් පසුව අපේක්ෂකයා තේරීම අතීසාරයට අමුඩගැසුවා වගේ වුනොත් තමයි වැඩේ. අතීතයේ කියමනක් තිබුණා අද කළ යුතු වැඩය හෙටට කල් නොතබනු කියලා. බුදු හිමියන් දේශනාකලේ අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං කියලයි..
එක්සත් ජාතික පක්ෂයේ ලොක්කන් ටික බලතණ්හාවෙන් පොර කනවා. එ්කෙන්ම හිතාගන්න පුළුවන් ඔවුන් රට ගැන නෙවෙයි හිතන්නේ. තම පුද්ගලික ජීවිතේ ගැන විතරයි..