(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණීයේ නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කරනු ලැබ සිටී.
ඔහු, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලිය ගහ මන්දිරයේදී පත්වීමේ ලිපිය අද (14) ලබා ගත්තේය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් සේවය කරමින් සිටි අනූෂ පැල්පිට මහතා, කර්මාන්ත අමාත්‍යවරයා සම`ග රාජකාරි කළ නොහැකි බව පවසමින් සේවයන් විශ‍්‍රාම යෑම ස`දහා ජනාධිපතිවරයා වෙත ලියැකියවිලි භාරදී තිබුණේ ඉකුත් ජුනි මස 22 වැනිදාය.
පසුව, සංවර්ධන ලොතරැුයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත්වීම ලැබූ පැල්පිට මහතා එම තනතුරේ සේවය කරමින් සිටියදී ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප‍්‍රකාරව ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් පත්කරනු ලැබ තිබුණේ ඉකුත් 12 වැනිදාය.
ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ශි‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා ලංකා පුවත් ආයතනයේ සභාපති, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා වසර 34ක රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
පත්වීම් ලබාගැනීමේ මෙම අවස්ථාව ස`දහා අග‍්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග‍්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රධානී යෝෂිත රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනූෂ පැල්පිට ආර්ථික ප‍්‍රතිපත්ති හා සැලසුම් අමාත්‍යංශයේ නව ලේකම්ධුරයට