
(*** මඩුකන්ද සිතුම් චතුරංග)
මන්නාරම, මුරුන්කන්, නානට්ටන්හි නිවෙසක අත්තිවාරමක් කපමින් සිටියදී අනුරාධපුර මුල් යුගයට අයත් බවට සැකකෙරන හස්සබු කාසි ලෙස හැඳින්වෙන ඉපැරැණි කාසි සහිත මුට්ටියක් ඉරිදා (20) හමුවී ඇති බව මන්නාරම පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පැවසුවේ නිවසක් සඳහා අත්තිවාරම කපමින් සිටි සේවක පිරිසකට මැටි මුට්ටියක තිබී මෙම ඉපැරැණි කාසිතොගය හමුවී ඇති බවයි.
හමුවූ මුටිටියේ තිබූ කාසි අනුරාධපුර මුල් යුගයට අයත් බවට අනුමාන කරන අතර එහි තිබී හස්සබු කාසි 1850 ක ප්‍රමාණයක් හමුවූ බවද ඔහු සඳහන් කළේය.
අතීතයේ ප්‍රධානතම වෙළඳ වරායවූ මන්නාරම මාතොට වෙළෙඳ වරාය හරහා පෙර අපර දෙදිග වෙළඳ කටයුතු සිදුවී තිබූ අතර එහි සාක්ෂි ලෙස මෙම ඉපැරැණි කාසි විවිධ ස්ථානවලින් හමුවන බවද ඔහු පැවසීය.
අනුරාධපුර මුල් යුගයේ භාවිතවූ බවට සැකකළ හැකි මෙම කාසි මෙරට නිෂ්පාදිත ප්‍රථම කාසි හෝ විදේශ කාසි වියහැකි බවට පුරාවිද්‍යා නිලධාරීහු සැකපළකරති.
කාසි තිබූ මැටි මුට්ටිය අත්තිවාරම කැපීමේදී විනාශවීගොස් ඇති අතර එහි කොටස් කිහිපයක් පමණක් හමුවූ බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.
හමුවූ කාසිවල එක් පැත්තක මත්ස්‍ය සලකුණ හා අනෙක් පස කඟවේනකුගේ යැයි සැකකළ හැකි රූපයක් තිබෙන අතර එහි එක් එක් හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුත් කාසි විශාල සංඛ්‍යාවක් තිබූ බවද ඔහු කීය.
හමුවූ කාසි සියල්ලෙහි නිශ්චිත කාලවකවානුවක් ගණනය කිරීම සඳහා පුරාවිද්‍යා විශේෂඥයින් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම කාසි දැනට ආරක්ෂාව සඳහා මුරුන්කන් පොලිසියේ තබා ඇති බවද ඔහු සඳහන් කළේය.
උතුරු පළාතෙන් එකවර පැරැණි කාසි තොගයක් හමුවූ පළමු අවස්ථාව මෙය වන අතර හමුවූ කාසි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනුරපුර යුගයේ කාසි මුට්ටියක් මුරුන්කන්වලින් මතුවෙයි