(උපුල් හේරත් සහ ක.ග.කරුණාරත්න)

තුන්වන කොවිඩි රැල්ලත් සමගම අනුරාධපුර සහ පොලොන්රුව  නගරයේ  පූජනීය සිද්ධස්ථානවලට සැදැහැවතුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

දීර්ඝ සති අන්ත නිවාඩුවට එම ප්‍රදේශවල වන්දනාමාන කිරීමේ අරමුණින්මීට සති කීපයකට පෙර අනුරාධපුරය පොලොන්නරුව ප්‍රදේශවල නවාතැන් පොළ කලින් ඇනවුම් කර තිබුණත්  නව කොරෝනා රැල්ලත් සමග එම සංචාර අවලංගු කර ඇතැයි එම ලැගුම්හල් හිමියෝ පවසති.

අනුරාධපුර නගරයේ ඇතැම් වෙළඳ සැල් වසා තිබුණු අතර ,නගරයට පැමිණි පිරිස වෙනදට වඩා අඩු මට්ටමකින් පැවැතිණි,

ඓතිහාසික රුවන්වැලි මහා සෑය සෝමාවති පුදබිම ඇතුලු පූජනීය සිද්ධස්ථානවලට වෙනත් සති අන්තමෙන් මෙවර නොපැමිණි බව  පොලිසිය කියයි.

ඒ පිළිබඳ රුවන්වැලි මහා සෑ චෛත්‍යරාමාධිකාර  පල්ලේගම හේමරතන හිමියන්  කියා සිටියේ තව දුරටත් සංචරණය සීමා කිරීමටත් සෞඛ්‍ය පුරුදුවලට අනුගත විය යුතු බවත්අවධාරණය කළේය.