IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනුරාධපුරයට එන මාර්ග හරහා වාහල්කඩ 4 ක්

(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ආවරණය වන පරිදි වාහල්කඩ හතරක් ඉදි කිරීමට තීරණය කර ඇත.
 
ඉඩම් අමාත්‍ය එස් .එම් චන්ද්‍රසේන මහතාගේ යොජනාවක් අනුව මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
 
මේ අනුව පුත්තලම-ත්‍රිකුණාමලය මාර්ගය,අනුරාධපුර-ඇල්ල මාර්ගය,අනුරාධපුර-නුවර මාර්ගය හා අනුරාධපුර-යාපනය මාර්ග මගින් අනුරාධපුර නගරයට පිවිසෙන ස්ථාන හතරේ මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට නියමිතය.
 
වසංගත රෝග පවතින අවස්ථාවන්හිදි සහ වෙනත් ආරක්ෂක අවස්ථාවන්හිදි අනුරාධපුර නගරයට පිවිසෙන හා පිටව යන පුද්ගලයන් පිළිබද නිරික්ෂණය කිරිම මෙම වාහල්කඩ හතර  ඉදිකිරිමේ අරමුණවි තිබේ.
 
වහල්කඩ හතර ඉදිකිරීම සදහා   මූලික සැලසුම් සකස් කිරීමට ජාතික භෞතික සැලසුම්  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්

අද (15) එහි නිරික්ෂණ චාරිකාවක නිරත  වු අතර ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ  කිරිමට  අමාත්‍ය වරයා නිලධාරීන් ට මෙහිදි උපදෙස් ලබා දුන්නේ ය.



අදහස් (11)

අනුරාධපුරයට එන මාර්ග හරහා වාහල්කඩ 4 ක්

කපිල Sunday, 15 November 2020 11:22 AM

ඔය අපාරදේ මහජන මුදල් වියදම් නොකර අනුරාධපුර නගරේ තියෙන ගණිකා නිවාස ටික වහලා දාන්න. චෙක් කරන්න ඕනෑ නම් පොලිස් පොයින්ට් 4 ක් දාලා පුළුවන්නේ. මෙතන ලොකු මාටියා පාරක් ඇති...

:       0       0

sena Sunday, 15 November 2020 11:46 AM

අම්මේ යාන්තම් ඇති අනුරාධපුරේ අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක් විසඳුණා.

:       0       0

සමීර Sunday, 15 November 2020 11:59 AM

ඔන්න අනිත් දෙන්නා. වාහල්කඩ හතරෙන් කෝටි කීයක් ගසාකයිද දන්නේ නෑ.. අයියයි මල්ලියි. නගර සැලසුම් කරන්න මොකටද අමුතුවෙන් ඉන්ජිනේරුවන්?. මේ වගේ ගොබ්බසේනලාට හරියන්නෙම රට රකින විරුවා වගේ ජනාධිපති කෙනෙක්ම තමයි.

:       0       0

sachith Sunday, 15 November 2020 12:00 PM

අනුරාධපුර නගරයට තිබුණු විශාලම අඩුපාඩුව පිරවීමට කටයුතු කළ ඇමැතිතුමාට ස්තුතියි..!!!

:       0       0

සංජීව Sunday, 15 November 2020 12:02 PM

ඔය වගේ වැඩකට නැති වැඩ කරකර ඉන්නේ නැතිව තමන්ගේ ඇමතිකමට අදාලව රටේ දියුණුවට අදාල දෙයක් කළොත් නේද හොඳ...?

:       0       0

KK Sunday, 15 November 2020 01:41 PM

වැඩි වියදමක් ගියත් කමත් නැහැ. පුරාණ නගරයේ වගේම රටේ අභිමානය ඇතිවන පරිදි දැවැන්ත වාහල්කඩ ඉදිකරන්න. වෙනත් රටවල වගේ. උදාහරණයක් ලෙස ඉන්දියාව නවදිල්ලිය වගේ.

:       0       0

Prabha Sunday, 15 November 2020 01:54 PM

අනුරාධපුරයට තිබුණු එකම අඩුව... ඒකත් දැන් හරි.

:       0       0

බංඩා Sunday, 15 November 2020 02:42 PM

වැඩකට ඇති දෙයකට මෙම මුදල් යොදවන්න පුලුවන්නම් කොච්චර හොඳඳ?

:       0       0

Sk Sunday, 15 November 2020 04:15 PM

බොරු වැඩ...!!! 

:       0       0

Sinhalaya Sunday, 15 November 2020 10:57 PM

වාහල්කඩ ඉදිකරන්නේ කොමිස් ගහන්නද මහජන සල්ලි වියදම් කරලා? ඕකෙන් මහජන ජීවිත සහ ආර්ථිකය නගා සිටුවා වැඩක් කරන්න බැරිද? රජ කාලේ කරපු දේ නමට කරන්නේ.. ඊට වඩා පරිසරය විනාශ වෙන වැඩ වෙනවා. ඔන්න ඕවා තමයි අව සිතිවිලි.

:       0       0

chandima Sunday, 15 November 2020 11:19 PM

ඒ වාහල්කඩ යාවෙන්න කිඹුල්ලු දාලා දියඅගලක් කපනවද? අර කොටි කලබල කාලේ වගේ බැරියර් එකක් දාලා වැඩේ කරගන්න බැරිද? වාහල්කඩ හදන කොන්ත්‍රාත් එක කාටද දෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site