(මහින්ද නිශ්ශංක)

අන්තර් පළාත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කෝවිඩ් මර්ධන කමිටුවෙදී තීරණය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

එතෙක් දුම්රිය ධාවනය පළාත් තුළ පමණක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇතැයි ද ඒ මහතා කියයි.

අන්තර් පළාත් දුම්රිය ධාවනයට අවසර ලැබුණු වහාම මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, මාතර, මහනුවර, රඹුක්කන, අනුරාධපුර, පුත්තලම, හා හලාවත සිට කොළඹට දුම්රිය ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි ද ඒ මහතා කියයි.

දැනට නතර කර ඇති දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද නැවත ආරම්භ කිරීම ගැන ද හෙට පැවැත්වෙන රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.