
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ නාලන්දා මහ විදුහල ආසන්නයෙදී අද (30) පෙරවරුවේ සිදුවූ යතුරු පැදි හා බස් අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අවිත්තාව ඕපාත පන්සල අසල පදිංචි සහන් රෝහිත ජයසිංහ හා ඕපාතගම විදානලාගේ රමණී පුෂ්පලතා නැමැති යුවළකි.
මෙම යුවල යතුරුපැදියෙන් ඕපාත සිට ඇල්පිටිය දෙසට ගමන් කරමින් සිටියදී ඇල්පිටිය දෙස සිට අවිත්තාව බලා ධාවනය වූ ලංගම බස් රථයට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
බස් රථය පාරෙන් විරුද්ධ පැත්තට ගොස් විදුලි කණුවක ගැටී නතරවී තිබුණි. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd