(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 6ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අද(21) අනතුරට ලක්ව ඇතැයි ගැලණිගම පොලිසිය කියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයද අනතුරට ලක්ව ඇති අතර, දියණිය සමග මෝටර් රථයේ ගමන්ගත් සේවිකාවක තුවාල ලබා රෝහල් ගත කර ඇත.
ජීප් රථයක් වම්පස ආරක්ෂක වැටෙහි ගැටී ඇති අතර, මෝටර් රථයක් එම රථයේ ගැටී ඇත. බත්තරමුල්ලේ සිට කාර්යාල සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක ද ගැටී ඉදිරියෙන් වූ මන්ත්‍රී දියණිය ගමන්ගත් මෝටර් රථය පෙරළී ඇත. ඊට පිටුපසින් පැමිණි වෑන් රථයක් සහ මෝටර් රථයක්ද එහි ගැටී අනතුරට ලක්ව ඇත.
මන්ත්‍රී දියණියගේ රිය පෙරළුණු පසු සුළු ගිනිගැනීමක් හටගෙන ඇති අතර, කාර්යාල සේවිකාවන් රැගත් බස් රියේ සේවිකාවන් සතුව තිබූ ජල බෝතල්වලින් ගින්න නිවා දමා ඇත.
අනතුරු හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් වාහන විනාඩි කිහිපයක් නතර කර තැබීමට සිදුවූ බව පොලිසිය කියයි.
දක්ෂිණ රථවාහන පොලිසිය සහ ගැලණිගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැලණිගම හරියේම තමයි වැඩියෙන්ම රිය අනතුරු වෙන්නේ සහ වාහන කැඩෙන්නේත්. ඒ හරියේ මොකක් හරි එක්කෝ පාරේ අවුලක් තියෙනවා.. එහෙම නැත්තම් නොපෙනන ගැටලුවක් තියෙනවා.
සුඛෝපභෝගී රථයක් කිව්වේ විට්ස් එකටද?
ලංකාවේ මාධ්‍ය භාවිතය ගැන මේ නිව්ස් එකෙන්ම පේනවා.. ඕන දේ උලුප්පනවා.
2011 ඉඳන් අධිවේගී මාර්ගයේ? නුවරට, කුරුණෑගලට, දඹුල්ලට අධිවේග මාර්ග කවදා හදාවිද?...
පිටරට අධිවේගී මාර්ගවල ඔවැනි නිතර අනතුරු වෙන කොටස් නැවත මුලසිට සකස් කරනවා. බොහෝ වේලාවන්හිදී මාර්ගයේ සමතුලිතබව ඉක්මනින්ම වෙනස් වන අවස්තාවලදී තමයි අනතුරු සිදුවන්නේ.. අනික මෙරට අධිවේගී මාර්ගවල හදිසි අවස්ථා මං තීරුව ඉතා කුඩායි. පොඩ්ඩක් අධිවේගී මාර්ග ඉංජිනේරු උපදෙස් පැතුවානම්? දැනට අධිවේගී මාර්ග උපදේශකයින් ලංකාවේ මාර්ග සකසමින් තිබෙන හෙයින් අමුතුවෙන් පිටරටින් උපදේශකයෝ අවශ්‍ය නොවේ. නැතිනම් කොමිස් කාක්කෝ ටික ඉක්මනින්ම තොල කට ලෙවකන්න පටන්ගනියි.
මේ පුවතේ මුල් තැන දීලා තියෙන්නේ අනතුරට වඩා මන්ත්‍රී දියණියට... මොකද මන්දා...?
ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක් දුන්නොත් කියල වැඩක් නැ. චෝප්පම කර ගන්නවා. පිට රට අධිවේගවල වැහිදින වලදී වාහන එළවන්නේ ආරක්‍ෂිත වයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු කටයුතු හරියට වෙන්නේ නැහැ... අපෙන් සල්ලි ගන්නවා විටරයි.
මෙම මාර්ගයේ වේගයට සරිලන මන් තීරුවල පළල නැහැ... අපි නඩු පවරමු.