( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ     කොට්ටාව සිට  මත්තල දෙසට ගමන් කරමින් තිබු සෝලා පැනල් පටවාගත් ට්‍රක්  රථයක් කිලෝමීටර් 126දශම 8 අපරැක්ක   ප්‍රදේශයේ  නවතා තිබියදී එම දිශාවටම ධාවනය වෙමින් තිබූ බවුසරයක් ට්‍රක් රථයේ පිටුපස ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 

අනතුරින් මියගොස් ඇත්තේ  ට්‍රක් රථයේ සහායකයා වු කඩවත පදිංචි 72 පුද්ගලයා  සහ බවුසරයේ රියැදුරා වන  61 හැවිරිදි ගෝනවල පදිංචිකරුවෙකි    

සෝලා පැනල් පටවාගත් ට්‍රක් රථය පාලටුව සහ කජු දුව  අන්තර් හුවමාරු  මධ්‍යස්ථාන අතර නවතා එහි රිය සහායකයා සෝලා පැනල් ගැටගසා තිබූ රැහැන් ගැල වී ඇද්ද යන්න පරික්ෂා කරමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසරය ගැටී  මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි 

මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු මාතර මහ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය