IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධිවෙිගයේ වාහනයකින් ඉන්ධන සොරාගත් 2ක් මාට්ටු

(ආනන්ද ඉ ජයකොඩි)

ඉදි කරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ වදුරව වැඩ බිමක නවතා ඇති පස් කපන යන්ත්‍රයකින් ඩීසල් සොරා ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද  (21) උදෑසන අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වේයන්ගොඩ පොලීසිය පවසයි.

පස් කපන යන්ත්‍රයකින් බටයක් යොදාගෙන ඩීසල් සොරා ගනිමින් සිටින බවට අද  (21) උදෑසන 09 ට පමණ ලද තොරතුරකට අනුව  එම ප්‍රදේශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දැනුම් දීමෙන් අනතුරුව එම පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී එම ස්ථානයට ගොස් පස් කපන යන්ත්‍රයකින් ඩීසල් සොරා ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනා සමග එළියට ඇද සොරා ගෙන තිබූ ඩීසල් ලීටර් විස්ස බැගින් වූ කෑන් දහසයක් අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.

අත් අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි එම යන්ත්‍රයේ රියදුරා බවත් අනෙක් පුද්ගලයා රියදුරා ගෙන් අඩු මුදලකට  ඩීසල් මිලදී ගෙන ඇති වදුරව ප්‍රදේශයේම අයෙකු බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

 



අදහස් (0)

අධිවෙිගයේ වාහනයකින් ඉන්ධන සොරාගත් 2ක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 529 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site