IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අධිවේගයේ යද්දි විවේක ගන්න තවත් තැන් තුනක්

(සුජිත් හේවාජුලිගේ )

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප (REST AREA) තවත් තුනක් ඉතා කෙටි කලකින් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ අතලුවගේ මහතා ලංකාදීපයට පැවැසීය.

එම විවේක කලාප පිහිටුවීමට සුදුසු ප්‍රදේශ මේදිනවල හඳුනා ගෙන යන බවද ඔහු කීවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට ඇත්තේ එක් විවේක කලාපයක් පමණක් වන අතර එය පිහිටුවා ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේය.

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට මත්තල ප්‍රදේශය දක්වා(අන්දරවැව)දීර්ඝ කර ඇති තත්වය යටතේ විවේක ප්‍රදේශ එකක් පමණක් ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයි ද විවේක ප්‍රදේශ තවත් තුනක් පිහිටුවීමට සැලසුම් කර ඇත්තේ ඒ අනුව යැයි ද අතලුවගේ මහතා ප්‍රකාශ කළේය.

මාතර සිට මත්තල දක්වාවූ මාර්ග කොටසේද විවේක කලාපයක් මේ අනුව ඉදිරියේදී ස්ථාපනය කෙරෙනු ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් විවේක ප්‍රදේශ පිහිටුවන්නැයි මගින් සහ රියදුරන්ගෙන්ද ඉල්ලීම් රැසක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

 



අදහස් (6)

අධිවේගයේ යද්දි විවේක ගන්න තවත් තැන් තුනක්

siri Thursday, 06 May 2021 11:02 AM

ඔය අධිවේගී පාරේ දැන් විවේක ගන්න තියෙන තැන මීට වඩා මහජනයාට කැත නැතුව පාවිච්චි කරන්න පුළුවන් අන්දමට පිරිසිදුවට තියාගන්න උත්සාහ කලොත් මෙයිට වැඩිය හොඳ නැද්ද? ආපන ශාලාවල මැස්සෝ. වැසිකිලි සේරම ජරාජීර්ණ වෙලා. දුඟද හමනවා. එතෙන්ට වතුර ගන්න ජරාවෙන් පිරුණු ටැංකිය අර ඉස්සර හිටිය මන්ත්‍රී කෙනෙක් මාධ්‍යයට ඇරලා පෙන්නුවා මතකද? ඒක දැක්ක බල්ලොත් නිකන් දෙන බත් කන එකත් නැවැත්තුවා...

:       7       18

jagathThursday, 06 May 2021 01:46 PM

ඔබ පවසන දේ ඇත්ත. නමුත්, මේවට පැමිණෙන මගීන් පිරිසිදුව වැසිකිලි භාවිතා කිරීමටත් දැන සිටිය යුතුයි.

:       1       20

PasseThursday, 06 May 2021 07:06 PM

එතකොට සල්ලි අය කරන්නේ මොකද?

:       0       0

Jayathilaka Thursday, 06 May 2021 06:41 PM

ඉතාමත් හොඳයි ඉක්මනින් හදන්න...

:       0       21

Passe Thursday, 06 May 2021 07:08 PM

කිලෝ මීටර 40කට 1ක් වත් හදමු.. පිටරටවල කිමීටර 20 ට එකක් තියෙනවා.

:       0       0

Nihal Friday, 07 May 2021 05:01 AM

මේකේ කෑම මිලත් අධිවේගෙ වගේමයි. ගිනි ගණන්... එයට පිළියමක් යොදන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 589 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site