IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අධිවේගයේ අනතුරින් කිලෝමීටර් 8 දැඩි වාහන පෝලිමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 5 දශම එක දියගම ප්‍රදේශයේදී ලොරියක පිටුපස රෝද දෙකේ ටයර් පිපිරී යාම හේතුවෙන් ලොරිය මාර්ගය හරහා පෙරළිම හේතුවෙන් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8කට ආසන්න දුරකට දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය

මතුගම පැලවත්ත සිට කිරිදිවැලට පොල් රැගෙන යමින් තිබූ ලොරියෙ පිටුපස ටයර් පිපිරී යාම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

ටයර් පිපිරීමත් සමඟ ලොරිය මාර්ගය හරහා යාම හේතුවෙන් ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන පැය එකහමාරකට අධික කාලයක් එක තැන නතර වී තිබීමෙන් අනතුර සිදු වූ ස්ථානයේ සිට බන්ඩාරගම ගැලනිගම ආසන්න ප්‍රදේශය තෙක් දැඩි රථ වාහන තදබදයක් ඇති විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පෙර තම රථයේ ටයර් පිළිබඳ සැලකිලිමත් වන ලෙස වාහන රියදුරන්ට කොතෙක් දැනුවත් කලක් ඒ පිළිබඳ තැකීමක් නොකිරීම හේතුවෙන් මෙවැනි අනතුරු වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම අනතුරක් සමඟම ඇති වූ දැඩි රථවාහන තදබදය මඟහැරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම ගැලනිගම පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා අයුරු ද දක්නට ලැබිණි.



අදහස් (0)

අධිවේගයේ අනතුරින් කිලෝමීටර් 8 දැඩි වාහන පෝලිමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site