(නිමල කොඩිතුවක්කු)
රට දියුණු කරන බවට කයිවාරු ගැසූ රාජපක්ෂ ආණ්ඩුව දරු දැරියන්ට අධ්‍යාපනය ලබා දීමට පුහුණු ගුරුවරුන් යෙදවිමට පවා කටයුතු කළේ නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
දරුවන්ගේ අනාගතය ගැන නොසිතූ රාජපක්ෂවරුන් රටේ අනාගතය බාර ගන්නේ කෙසේදැයි තමන් විමසා සිටින බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (8) එක්වෙමිනි.
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකු සඳහා මෙලෙස පත්විම් ප‍්‍රදානය සිදුවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය.
‘‘අද ඩිප්ලොමාධාරීන් ඔබ සියලූ දෙනාම ගුරු සේවයට ඇතුලත් වෙනවා. මේ සමඟ විද්‍යාපීඨ ඩිප්ලෝමා ලබාගත් ගුරුවරු 85,000 කට වැඩි පිරිසක් අද ගුරු සේවයට යොදවා තිබෙනවා. මේ හැම කෙනාම අවුරුදු දෙකක පුහුනුවක් ඇතිව ගුරු වෘත්තියට ප‍්‍රවිශ්ඨ වෙනවා.
මෙයට අමතරව උපාධිය ලබාගත් ගුරුවරු ලක්ෂයකට අධික පිරිසක් සේවයේ සිටිනවා. පුහුණු ගුරුවරු තමයි අද මේ සේවයට ඇතුළත් වන්නේ. මම අධ්‍යාපන අමාතයවරයාව සිටියදී මගේ බලාපොරොත්තුව වුණේ මේ රටට සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරු ලබාදිමයි. ඒ වෙනුවෙන් මේ අධ්‍යාපන විද්‍යාපීඨ අපි ආරම්භ කළා.
තාක්ෂණ විද්‍යා ගුරුවරු පුහුණු කරන්න, ඩිප්ලොමා ලබා දෙන්න, ඒ අයට අධ්‍යාපනය ලබා දෙන්න තාක්ෂණ විද්‍යා පීඨයක් ගිය සතියේ අපි කුලියාපිටියේ ආරම්භ කළා. එකක් ප‍්‍රමාණවත් නැහැ. තව දෙක තුනක් වුවමනායි. විද්‍යා ගුරුවරු වැඩි කරන්න තියෙනවා.
මේ හැම ආයතනයකින්ම අවුරුදු දෙකක උසස් අධ්‍යාපනයක් ලබලා තමයි සේවයට ඇතුළත් වෙන්නේ. මේ සංකල්පය මම හැදුවේ මේ විද්‍යාපීඨ වලට ඇතුළත් වෙන කාටවත් රැකියා පිළිබඳ ප‍්‍රශ්නයක් නොතිබිය යුතුයි. මෙතනින් අධ්‍යාපනය ලබාල ඉන්පසුව පාසල් ක‍්‍රමයට ඇතුළත් වෙනවා.
එහෙනම් මෙතන ඉන්න ඔබ විශාල වගකීමක් භාර ගන්නවා. ඔබ සේවය කරන අවුරුදු 30 - 40 කාලය තුළදී ශිෂ්‍යයන් දහස් ගණනක අනාගතය ඔබ අතේ තියෙනවා. ශිෂ්‍යයන් දෙමව්පියන්ටත් වඩා කාලය ගත කරන්නේ පාසලේදියි. ඒ වගකීම ඔබ බාර ගන්න ලෑස්ති වෙන්න. අපිට වුවමනා මේ රටේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.
වසරකට එක් පන්ති කාමරයක දරුවන් 35-40 අනාගතය මේ ගුරුවරුන් අතේ තිබෙනවා. ඒ නිසා මේ අයට විශේෂ වගකීමක් තියෙනවා. ඔබට ඒ වගකීම ඉෂ්ඨ කරන්න අපි අධ්‍යාපනටය ලබා දෙන්න ඕන. ඒකයි මේ රටේ දෙමව්පියන් වෙනුවෙන් මේ ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩකටයුත්ත. එක කාලයක පාසල් වලට ලැබුණේ නුපුහුණු ගුරුවරුයි.
COMMENTS
මෙයා කියන දේවල් ගණන් ගන්න එපා. 2020 දී ලංකාව සිංගප්පුරුවක් වෙනවා කිව්වා. ආසියාවේ ලස්සනම රට කරනවා කිව්වා.....
වැඩකරන " මිනිසා " සද්ද නොකරයි.
ඉතින් ඔයාට ඒක එ් දවස් වල කියන්න තිබුණානේ. අනික මහින්ද කියන්නේ ඔයාගේ හොඳම යාලුවනේ..
අනේ මහත්තයෝ ඔය පහුගිය ආණ්ඩුවට බනින රේකෝඩ් එක ඇහිල ඇහිලා ඒක තිත්ත වෙලා තියෙන්නේ. ඔබතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් 2015 සිට මේ දක්වා ඔබතුමාලා පොල්ගෑවාද? රටක පරිවර්තනයක් ඇති කරන්න අවුරුදු තුනක් නැතිනම් හතරක් හොඳටම ඇති. ඔබතුමාලා ඒ දවස්වල කිව්වේ දින සීයකින් අළුත් රටක් නිර්මාණය කරනවා කියලනේ. දැන් තවත් අවුරුදු ගණන් ඉල්ලන්නේ මොකටද? මම පක්ෂ බේදයකින් තොරව යයි මේ දේවල් කියන්නේ... ඔබගේ මාමණ්ඩිය වන ජේ.ආර්. ජයවර්ධන මහතා මේ රටට ඉතා විශාල සේවයක් කළා. ඔබ ඒ අහලකවත් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයක් කියා තමන්ට හිතවත් පුරෝහිතයෝ රැළක් සහ ඊට පහළින් බිරීමට මුර බල්ලෝ රැසක් තියාගෙන රටක් හදන්න බැහැ. දැන් හිටිය සමහර මුර බල්ලන් ටිකක් කූඩුවෙන් පැනලා ගිහින් වෙන ස්වාමියෙක් ගාව නැවතිලයි ඉන්නේ...
කිසිම පක්ෂ භේදයකින් තොරවයි මේ කියන්නේ. පිටරටවල ගුරු වෘත්තියට එක්වීමේ මුලික සුදුසුකම් සඳහා වෙනම උපාධියක් තිබීම අනිවාර්යයි. අතීතයේදී අපේ රටේ ද ගුරු පුහුණු පාසල් තිබුනා. දැනට පවතින්නේ දෙමව්පිය මුදලින් අමතර පන්තිවලින්ම පමණක් ගෙනයන අධ්‍යාපන ක්‍රමවේදයක්. ඕනෑම කෙනෙකුට සතියේ දින හතේම කළුවර වැටුණු පසු පාරට බැහැලා බලාගත හැකිවේවි පාසල් වයසේ ළමුන් කීදෙනෙක් පොත්පත් රැගෙන අමතර පන්තිවලින් පසුව පාරේ ඉන්නවාද ඔබමොබ යනවාදැයි කියලා. මෙම ක්‍රියාවලිය මුළු අවුරුද්ද පුරාම සිදුවෙනවා. ඒ පැත්තෙන් බැලුවොත් මෙම පියවර හොඳ අදහසක්. මොකද රටක අනාගතය තියෙන්නේ අද දරුවන්ගේ ජීවිතවල. මොන තාක්ෂණය රට තුලට ගෙන ආවත් ළමයින්ට ඒවා තෙරුම් කරදීම ගුරුවරුන්ට පැවරෙන වගකීමක්. ළමයින්ට තේරුම් කිරීමේ කාර්ය පුහුණු නැති ගුරුවරයෙකුට කිරීම දුෂ්කරයි.
1977 ආණ්ඩුව එකවර විශාල පිරිසකට ගුරු පත්වීම් දුන්නා. සාමාන්‍ය පෙළ සමත්ද විතරයි බැලුවේ... සමහරුන්ට සිංහල ලියන්නත් බැරි බවට ප්‍රසිද්ධ වුණා.. ඒ කට්ටියට පුහුණුව ලැබුනේ කාලෙකට පස්සේ... ඔබ ඒ කාලෙත් ඇමති කෙනෙක් නේද? දැන් බයිලා අහලා එපා වෙලා...
මෙයා බොරුමයි කියන්නේ. මහින්ද ආණ්ඩුව කාලේ විද්‍යාපීඨ වලට අඛණ්ඩව සිසුන් බඳවා ගත්තා. පහුගිය කාලෙ ඒකත් අවුල් කළා. අනෙක මෙයා කයිවාරු ගැහුවට විද්‍යාපීඨ සංකල්පය ලලිත් ඇතුළත්මුදලි ගෙනාපු එකක්... ඒ කාලේ අධ්‍යාපන ඇමති නම් මෙයා තමයි. ඒත් ක්‍රෙඩිට් එක ලලිත්ට...
UNP එකේ හිටිය උගත්, දක්ෂ නායකයෝ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ එකල අතර හිටපු අදක්ෂම නායකයා තමයි රනිල්... අන්තිමට ඉතිරි වුනේ රනිල් විතරයි..
ඉතින් පසුහිය අවුරුදු හතරේම පින් පඩි අරන් බුදියාගෙන උන්නේ එව්වා කරන්න තිබුනනේ?
හලෝ අනුන් නොකරපු ඒවා කතා කරන්න එපා තමන්කරපුවා කතා කරන්න. මහින්ද මහතා පාසල්වලට විද්‍යාගාර සාදාදුන් බව අපි දන්නවා.
අගමැති ඔච්චර වැඩ කලානම් මන්ත්රිලා 71න් 51ක් එයට අකමැති මොකද ?. අගමැති කියන දේවල් ආණ්ඩුවේ අයවත් විශ්වාස කරන්නේ නැහැ