
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වන බවත් මේ වන විට එය දිවයිනට ගිනිකොණ දිශාවෙන් ස්ථානගතව ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බවර පවති.
උතුරු - උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වේ. උතුරු නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙන් සහ ගාල්ල,මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකියි.
COMMENTS