(ඩයනා උදයංගනී)

දිවයින පුරා ප්‍රධාන වශයෙන් පවතින වියළි කාලගුණය තත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උදෑසන තරමක සීතල කාලගුණයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල හිමිදිරි උදෑසන මල් තුහින ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලත්, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා කීවේය.