(ඩයනා උදයංගනී)

රට පුරා අදත් (26) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතින අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්තුහින ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, දකුණු සහ ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා පැවසීය.