(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම 30 කට අධික ප්‍රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමඟ පිළියන්දල තිස්ස මාවතේදී අද ( 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .
රන්මාල කොල්ලකෑමක් සහ මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු සමඟ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී අධිකරණය ආසන්නයේදීය අත් විලංගු සමග පලා ගොස් තිබුණේ මීට මාස එකහමාරකට පෙර දී බව පොලීසිය කියයි.
COMMENTS