(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
අංක තහඩු නොමැතිව ගමන් ගත් සැකකටයුතු යතුරු පැදියක් හික්කඩුව කන්දෙගොඩ මාර්ගයේදී අද (15) ජංගම මුර සංචාරයේ යෙදුනු පොලිස් නිලධාරින් පිරිසක් සිදුකල පරික්ෂාවකදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් සතුව තිබී ජීව අත් බෝම්බයක් සහ සෙල්ලම් තුවක්කුවක් අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය කියයි.
රත්ගම මොන්රෝවියා වත්තේ සහ ගාල්ල බූස්සේ පදිංචි 29 හැවිරිදි සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් අපරාධ රැසකට සම්බන්ධ අයෙක් බව සිදුකල මූලික විමර්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ අත්අඩංගුවට පත් මෙම පුද්ගලයින් දෙදෙනා යම් අපරාධයක් කිරීමේ අරමුණින් ගමන් ගත් බවට සැකකරන බවයි.
සැකකරුවන් සමඟින් අත්අඩංගුවට ගත් ජීව අත් බෝම්බය , යතුරු පැදිය සහ සෙල්ලම් තුවක්කුව හෙට (16) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
401
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත් බෝම්බයක් සමඟ 2 ක් අත්අඩංගුවට