(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම හෙට (10) සුබ මොහොතින් සිදුකරන බව නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම ගිවිසුම් අත්සන් තැබීම කොළඹ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද පෙරවරු 10.10ට සිදුකෙරෙන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතය.
COMMENTS
පෙර යම් දිනයක හිතේ සාංකාවෙන් යුතුව අනුභව කල "බිත්තර ආප්ප" දැන් වමාරන්නයි වෙන්නේ. එදා රාජපක්ෂලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් ලෙසය. ශ්‍රීලනිපය ප්‍රධාන පක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔවුන්ගේ පෙරමුණ විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් කල් වැට උඩට වී සිටි අය අද පොහොට්ටුව වෙත යන්නේ කිසිඳු පෙරමුණකට සම්බන්ධවීමට නොව "රාජපක්ෂ පවුලේ සීමාසහිත සමාගමකට" එකතු වීමටයි. අද අනුරාධපුරයේ දුමින්දගේ ගෙදරටම ගෝඨාභය පියමන් කර ඇත. ඒ සමඟම සභීතාගේ ගොඩනැඟිල්ලේ ප්‍රශ්නය දැන් ඉතිහාසයට එක්වෙනු ඇත. මහින්ද ලඟට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසට දැන් වෙන්නේ ඉදිරි මැතිවරණ වලදී මහින්ද දෙන දෙයක් බාරගන්නට ගෝඨාභාගේ මිරිහාන බංගලාවේ පිළිකන්නට වී බලාගෙන ඉන්නටයි. දැන් වුවමනා හරිය සිද්ධවී අවසාන නිසා මහින්ද නම් විපක්ෂ නායක නිල නිවසට ඒ කිසි කෙනෙක් තවදුරටත් වද්දා ගන්නේ නැත. අවසානයේ කිවයුත්තේ බණ්ඩාරනායක මහතා මෙතරම් අභිමානයෙන් බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිවෙන්නට දෙයක් දැන් නැති බවයි. ප්‍රේමදාස නම් දැන් හිනාවෙනවා ඇත්තේ අනිත් පැත්තෙනි...
ඊළඟ මහමැතිවරණයට කලින් පක්ෂයට ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තියෙනවා. පළවැනි එක බණ්ඩාරනායක සමාධිය අසලින් තවත් සමාධියක් හදලා අත ලකුණ තැන්පත් කරන එක... දෙවෙනි ක්‍රියා මාර්ගය චන්ද්‍රිකාට පක්ෂය බාර දෙන එක... අවස්ථාවාදීන්ට පක්ෂයෙන් පක්ෂයට මාරු වෙන්න පුළුවන් නමුත් පක්ෂයකට නායකත්වය දෙන්න බැහැ.
එකඑකාට විවිධ අවලාද නැගූ පරිභව කළ අය බලලෝභය නිසා විළිලැජ්ජාවට අභියෝග කරමින් එකතූ වෙලා... ඔහෙලා අපි ඔවුන් වෙනුවෙන් බෙදිලා..
චන්ද්‍රිකා නෝනා අද දයාසිරිට යැවූ ලිපිය. "හිතවත් දයාසිරි, අපගේ සංවිධායකයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසක් පොහොට්ටුව සමග එක්වීමකට විරුද්ධ බව ප්‍රකාශ කර ඇති විට, ඔබ ගෝඨාට සහාය දීමට තීරණය කිරීම අපේ පක්ෂය පාවාදීමකි. පක්ෂයේ සභාපති ධුරය අතහැර දැමීමට තමා කැමති බව මෛත්‍රි පවසා තිබේ නම්, එය භාරගෙන පක්ෂය නැවත ගොඩනැංවීම සඳහා අපි ඔබට සහාය දෙන්නෙමු. අපේ පක්ෂය දුර්වල වූයේ අප එජාපය සහ අනෙකුත් පක්ෂ සමඟ සන්ධානයට සම්බන්ධ වූ නිසා නොවේ. අපේ නායකයාට සන්ධානයට නායකත්වය දීමට ශක්තියක් හා දැක්මක් නොතිබූ නිසාත්, රාජපක්ෂලාට රැවටීමත්, යහපත විනාශකර පක්ෂය අවුල් කිරීමත් නිසාය. මෛත්‍රිට ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමේ දක්ෂතාවයක් තිබුණේ නම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමට ඉඩදී රාජපක්ෂලාට එරෙහිව පියවර ගත්තේ නම්, රට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉතා ශක්තිමත් වනු ඇත. එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩාත්ම ආදරය කරන හා දන්නා පුද්ගලයා ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ පෞද්ගලික අවශ්‍යතාවයට පමණක් සීමා නොවී අපගේ වටිනා පක්ෂය විනාශ කිරීමට ඉඩ නොදෙන්න.
සිරිසේන දිවුරුම් දෙනකොට කිව්වේ කොහොමද? මේ අහිංසක ජනතාව නැවත මැර කණ්ඩායමට පාලනය කරන්න දෙන්නේ නැහැ කියලා කොහොමද? නරියගෙයි, කටුස්සගෙයි ලක්ෂණ.... එක මිනිහෙක්ට පිහිටපු හැටි... කාන්තාවක් කියලා කියන්නත් බැහැ. කාන්තාවන් මේ වගේ කැත අමන වැඩ කරන්නේ නැහැ. පිරිමින්ට වැඩිය කොන්ද පණ තියෙනවා. කාටත් බය නැහැ. මේ වගේ කට්ටිය දේශපාලනයට නෙමේ... හොඳ පොර කුකුල්ලු කොටවන්න. අසරණ සත්තු උසි ගන්නලා අත්පුඩි ගහමින් හිනහවෙනවා. ඊට පස්සේ පන්සල් යනවා මල්වට්ටි අරන් මොවුන්ටත් පන්සල් වලින් පිරිත් නූල් ගැට ගහනවනේ... හොඳටම දන්නවා වැරදි වැඩ කරන්නේ කියලා ගමේ හොරෙන් පොල් කඩන කොල්ලට පන්සල් වත්තට එන්න පුලුවන්ද? නමුත් රටේ දේපල හොරාකන ලොක්කන් පන්සල ඇතුලේ...
පොහොට්ටුව ලඟ අත්දෙකම දණගහයි...
පොහොට්ටුව රජවෙයි, අත බලු වෙයි, අපි දැක්කා ඔක්කොම... ලැජ්ජයි..