(ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල කිණිගම උඩපේරුව ප‍්‍රදේශයේදී කුඩා ළමයෙකු අත තිබූ කිසියම් ද්‍රව්‍යයක් පුපුරායාමෙන් බරපතල තුවාල ලැබූ ළමයෙකු අද (7) දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දියතලාව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
කිණිගම උඩපේරුව ප‍්‍රදේශයේම පදිංචි බණ්ඩාරවෙල නගරයේ ජනප‍්‍රියම පාසලක ඉගෙනුම ලබන 11 හැවිරිදි කුඩා ළමයෙකු මෙසේ බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
මෙම අනතුරින් මෙම ළමයාගේ අතකට පපුවට සහ මුහුණට බරපතල තුවාල සිදුවී ඇතයි දියතලාව රෝහල් ආරංචි මාර් ග කියයි.
කිසියම් පුපුරණ ද්‍රව්‍යයක් අත තබා ගෙන සිටියදී පුපුරායාමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මෙම ද්‍රව්‍ය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත තිබූ දෑ පුපුරා යාමෙන් දරුවා රෝහලේ