අජන්ත කුමාර අගලකඩ
ලබන වසරේ මුල් මාස තුන සඳහා මුදල් අනුමත කර ගැනීමේ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අතර එහිදී මෙම අනුමැතිය ලබාදී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු සම්මත ගිණුමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
ඒ අනුව අතුරු සම්මත ගිණුම මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට ඕවගෙන් වැඩක් නැහැ.