IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
 
අතුරුදහන් කරන ලද පළාත් සභා ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණක් බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද නව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයා සඳහන් කළේය. 
 
සභාපතිවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීම සඳහා එම කොමිෂන් සභා කාර්යාලය වෙතට අද (17) පස්වරුවේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයින් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද සඳහන් කළේය.
 
“මේ අවස්ථාවේ බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වරට නිර්පාක්‍ෂිකව ක්‍රියා කිරීම සම්බන්ධව අපේ ස්තුතිය එතුමාට ගෞරවයෙන් පුද කරනවා. මෙම ඡන්ද විමසීම සාමකාමීව පැවැත්වීමට හැකිවූයේ අපේක්‍ෂකයින් මෙය පෝස්ටර්, කටවුට්, පොලීතින් ආදියෙන් තොර ඡන්ද ව්‍යාපාරයක් වශයෙන් පැවැත්වීමට මුල් අවස්ථාවේ සිටම ප්‍රකාශ කළ බැවිනි. එම සියලු අපේක්‍ෂකයන්ට අපේ අවංක ස්තුතිය පළ කරමු. අපි ඡන්ද විමසීමේ පෝස්ටර් යුද්ධය ජයගතිමු.

මෙම ඡන්ද විමසීමේදී අපි අංශ කිහිපයකින් අසාර්ථක වූ බව ද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරීම පාලනය කිරීමට නොහැකිවීමයි. රජයේ මාධ්‍යවල නීතිවිරෝධී ලෙස ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාකිරීමට කොමිෂන් සභාවේ බලතල අනුව ක්‍රියා කිරීමට කොමිෂන් සභාව කටයුතු කරනු ඇත. එසේ වුවත් පෞද්ගලික මාධ්‍ය පාලනය සඳහා නීති රීති පැනවීම හෝ එම ආයතන දේශපාලන පක්‍ෂයකට පක්‍ෂපාතීව කටයුතු කරන බව ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට නියම කළ යුතුය.
මෙම ඡන්ද විමසීමේදී ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය දේශපාලන කටයුතුවල යෙදුණු බවට තොරතුරු නැතත් එම නිල ඇඳුම් ධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප සහිවත ප්‍රචාරණ කටයුතු ඉදිරියේදී හෝ නොකිරීමට ක්‍රියා කරන්නේ නම් මැනවි යැයි අපි යෝජනා කර සිටිමු. මාණ්ඩලික නිලධාරීන්, වෘත්තීයවේදීන් ඉතා සුළු සංඛ්‍යාවක් ප්‍රදේශවල දේශපාලන කටයුතුවල නිරත වනු දැකීම හා රාජ්‍ය සම්පත් පරිහරණය කළ බවට පැමිණිලි ලැබීම ඉතා කණගාටුදායක කරුණකි. එම නිලධාරීන්ට එරෙහිවද ආයතන සංග්‍රහයේ විධිවිධාය හා කොමිෂන් සභා විධාන අනුව ක්‍රියා කරනු ලැබේ.
 
මෙම ඡන්ද විමසීමේදී වෙනත් ඡන්ද විමසීම්වලට වඩා ආගමික පූජ්‍ය පක්‍ෂයේ දේශපාලන මැදිහත්වීම ප්‍රකටව කැපී පෙණිනි. උන්වහන්සේලාටත් අනෙකුත් සිවිල් පුරවැසියන්ට මෙන් දේශපාලන අයිතිවාසිකම් තිබේ. එසේ වුවත් ඡන්ද විමසීම් කාලය තුළ ස්වකීය ආගමික සිද්ධස්ථාන තුළ දේශපාලන රැස්වීම් පැවැත්වීමට හෝ ආගමික උත්සවවලදී දේශපාලන කතා පැවැත්වීමට නීතියෙන් අවසරයක් නැත.
 
නව ජනාධිපතිතුමනි, ඔබේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව කටයුතු කරන ලෙස රටේ ජනතාව වෙනුවෙන් අප සියලු දෙනා ඉල්ලා සිටිනවා. මෙම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද විමසීම්වල හරය රඳා පවතින්නේ ඡන්ද විමසීම් නීති ශක්තිමත් වේ නම් පමණි. එම ප්‍රජාතන්ත්‍රවාදී සමාජය පවත්වාගැනීම ඔබතුමා වෙත පැවරෙන නමුත් එය ඔබට තනිව පැවරෙන වගකීමක් නොවේ. ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ගේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස පවත්වා ගැනීමට රට මෙහෙයවනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.”  
 
මෙම අවස්ථාවට නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු සෙසු ජනාධිපති අපේක්‍ෂකයින් සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (4)

‘අතුරුදන් කළ පළාත් සභා ඡන්දය කඩිනමින් පවත්වන්න’

Bamunuarachchi Sunday, 17 November 2019 12:16 PM

අනේ මැකෝ පළාත් සභා ඡන්දය අපිට එපා.. 13ට කලින් තිබුණු විදිහට රට පාලනය කරමු.

:       501       165

Pujitha Sunday, 17 November 2019 02:59 PM

සල්ලි කීයක් ඉතුරු වුණාද? ඔහේගේ තාත්තගේ සල්ලිද පළාත් සභාවලට වියදම් කරන්නේ...?

:       119       83

Raveendra Sunday, 17 November 2019 11:19 PM

මැකෝගේ මෙම කතාව බොහොම වැදගත් මෙන්ම අර්ථවත්ය.

:       7       149

NASRUDIN Monday, 18 November 2019 07:15 AM

ගරු මැකෝ ඔබගේ කැපකිරීමට ප්‍රණාමය පළ කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 998 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site