IMG-LOGO

අතයි බුලත් කොළෙයි හළලා පොහොට්ටුවෙන් එනවා

අජිත්ලාල් ශාන්තඋදය සහ  ජයන්ත නානායක්කාර
 
ආණ්ඩු විරෝධී ජනතාවගේ හැඟීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්ව ඇති බැවින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් ඇති  රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසීය. 
 
ඔහු පවසන පරිදි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත ලකුණ හෝ එක්සත් ජනතා නිදහස් සංධානයේ බුලත් කොළය ලකුණ මෙවර මහ මැතිවරණයේ දී බිහිවන නව සංධානයේ ඡන්ද ලකුණ නොවනු ඇත.
 
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ටී. රංජිත් සොයිසා රත්නපුර දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය. 
 
‘‘ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත්  ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂයත්  ජාතික නිදහස් පෙරමුණත් පිවිතුරු හෙළඋරුමයත්  ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයත්  දේශ විමුක්ති ජනතා පක්‍ෂයත්  සමසමාජ සහ කොමියුනිස්ට් පක්‍ෂත්  නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ  ඊපීඞීපී සහ අතාවුල්ලා මහතාගේ දේශපාලන පක්‍ෂය ඇතුලූ සියලූ දේශපාලන කණ්ඩායම් ජාති හිතයිශී ක`දවුර තුල ගොනුවෙමින් පවතිනවා. 
 
මේ තත්ත්වය තුල ඉදිරි මැතිවරණයකදී ඒකාබද්ද සංධානයක් ලෙස පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහ මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාද මත අපි සූදානම්. ඉතා පැහැදිලිව කියන්න  ඕනෑ පොහොට්ටුවෙන් පළාත් පාලන මැතිවරණය තරග කරලා පළාත් පාලන ආයතන 342න් 229ක බලය පැහැදිලිව අත්පත් කරගත්තා. 
 
අද පොහොට්ටුව ලකුණ ඉතාම ආකර්ශනීය, ශක්තිමත් සලකුණක් ලෙස ජනතාවගේ හදවත් තුල පැලපදියම් වෙලා තියනවා. ආණ්ඩු විරෝධී ජනතාවගේ හැ`ගීම බලාපොරොත්තුව පොහොට්ටුව ලකුණ බවට පත්වෙලා තියනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජියෙක් ලෙස ආණ්ඩු විරෝධී සියලූ බලවේග එකට එක්කරගත් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් අපේ තියනවා. කැමැත්තක් තියනවා. ඒ ස`දහා අදාල කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ පොදු සංධානයක් ලෙස ඉදිරිකාලයේ මැතිවරණයට ඉදිරිපත්වීමටත්  රජය ශක්තිමත් කිරිමටත් බලාපොරොත්තු වෙනවා.‘‘



අදහස් (5)

අතයි බුලත් කොළෙයි හළලා පොහොට්ටුවෙන් එනවා

shan saudi Sunday, 11 November 2018 01:17 PM

මෙවන් අපතයින් නිසා තමයි ලංකාව විනාශවෙන්නේ... මේ අයට ඕනේ හොරකම් කරන්න මොකක් හරි මාවතක්. මේ අයට කියන්නේ දේශපාලන ගණිකාවන් කියලා..

:       0       0

Janathawa Sunday, 11 November 2018 02:25 PM

ඔය දෙකටම වැඩ හොඳා පඩික්කම ලකුණින් ආවානම්..

:       0       0

chathuri Sunday, 11 November 2018 04:03 PM

නියම සලකුණ ඔය පක්ෂෙට පිට කොන්දේ ඇට පේලියේ අඩු නැතිව පින්තුර ගන්න...

:       0       0

රවින් Monday, 12 November 2018 12:43 AM

හරියට කියන්න. නෙලුම් පොකුණ, නෙලුම් කුළුණ හෙම හදලා පටන්ගත්තු වැඩේ අලුත් වැඩක් නොවේනේ. බොහොම හොඳට සැලසුම් සහගතවනේ පටන් ගත්තේ. පොදු ජනයාට බොරු ගොතා නොකියන්න. බොරුවෙන් රට රැවටීමේ අවසානය පැමිණ ඇත. වෙන්දේසියේ නිමාව.

:       0       24

BamunuarachchiMonday, 12 November 2018 01:04 PM

මේ අවුරුදු තුනහමාර අත්තෙන්ද රට කෙරුවේ...? මහා බැංකුවේ කිසිම වංචාව වුනේ නැහැයි කීවේ ඇත්තද? පිස්සු කියන්න එපා හලෝ... අපි මේ රටේ විමසිල්ලෙන් ජීවත් වෙන මිනිස්සු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site