IMG-LOGO

අත්‍යවශ්‍ය ස්ථානවල විදුලිය නොකපන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

(රන්ජන් කස්තුරි) 

රෝහල්, ආරක්ෂක ස්ථාන සහ ආයෝජන ප්‍රවර්ධන කලාප වැනි අත්‍යවශ්‍ය ස්ථානවලට කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවාය.

එම විශේෂ මෙහෙයුම් මැදිරිය කොළඹ විදුලිබල අමාත්‍යාංශ පරිශ්‍ර යේ ස්ථාපිත කරන බවද අැමැතිවරිය පැවැසුවාය. 
පවතින වියළි කාලගුණික තත්ත්වය යටතේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම දුෂ්කර වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය යුතු බවද ඇමැතිවරිය සඳහන් කළාය.
අත්‍යවශ්‍ය ආයතනවල නියෝජිතයන්ගෙන් සැඳුම්ලත්ව එම විශේෂ මෙහෙයුම් මැදිරියේ  කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරිය පැවැසුවාය. 
අත්‍යවශ්‍ය ආයතනවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා එම ආයතනවල නියෝජිතයන් පිරිසක් සමග ඊයේ (8) පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඇමැතිවරිය එම අදහස් පළ කළාය.



අදහස් (3)

අත්‍යවශ්‍ය ස්ථානවල විදුලිය නොකපන්න විශේෂ මෙහෙයුම් මැදිරියක්

Kumara Tuesday, 08 March 2022 10:21 PM

මාකට් විමලයගේ වෙන්ටැ...

:       0       1

Sunil Wednesday, 09 March 2022 07:23 AM

අනේ කොහෙට කැපුවත් මිරිහානෙට නම් විදුලිය කපන්න එපා

:       0       2

wicky Wednesday, 09 March 2022 07:45 AM

ඉන්න නිළදාරීන්ට පුලුවන් නම් හරියට කපන වෙලාව දාන්න එක ලොකු දෙයක්. මෙ කරන වැඩෙන් ඩොලර් අනිවාර්යෙන්ම රටට ලැබෙන, නමුත් කිසිම වර්ජනයක් , කිසිම දෙයක් නොඉල්ලපු වැඩ කරන මිනිසුනට හෙනම අසාධාරණයක් වෙන්නෙ. කම්පැණිවල ආයොජකයින් වෙන රටව්ලට යනකන් ඉදල ආපහු ඩොලර් නැ, ඩොලර් නැ කියන්නවගෙ හදන්නෙ. විදුලිබලෙ හරි මොකෙ හරි කමක් නැ, කපන වෙලාවල් දැම්මනම් හරි, අකුරු වෙනස් නොකර. ඇයි හප්පා මුන්ට ඒ වගේ සුලු දෙයක් වත් කරන්න බැරි, හැබැයි කතාවනම් ඉන්ජිනේරුවෝ අරකයි මේකයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site