(යොහාන් භාසුර)
මුදල් අමාත්‍යවරයා ලෙස මූලික ඉලක්කය හාල් ඇතුළු අතවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීම බවත් එයට සියලු දෙනාගේ සහයෝග අවශ්‍ය යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
හාල් කිලෝවත් මිලදී ගැනීමට නොහැකිව බොහෝ දෙනෙක් බඩගින්නෙ සිටින අතරම තුන්වේලම කන්න නැතිව ඉන්න පිරිස රජයට ඡන්දෙ දුන් බව කී අමාත්‍යවරයා කන්න නැතුව අපහසුතාවට පත්ව සිටින පිරිසට පළමුවෙන්ම කන්න දියයුතු යැයි සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සතුව තිබෙන ඩොලර් කෝටි 400 (බිලියන 4) සංචිතය නිවැරදිව කළමනාකරණයෙන් ආර්ථික අර්බුදය විසදාගත හැකි මෙන්ම යුද්ධය පැවැති අවස්ථාවේදී ද රට සතුව පැවැතියේ ඩොලර් කෝටි 120 ක් (බිලියන 1.2) බව කී අමාත්‍යවරයා ඩොලරයේ මිල ඉහළ යෑමට බොරු ප්‍රචාර බලපා ඇති බවත් කීය
COMMENTS
අමාත්‍යතුමනි, සහල් මිල පවතින්නේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මට්ටමක. පාලන මිලක් නියම කොට ඇති නමුත් සහල් මිල පාලනය කරනු ලබන්නේ ජාවාරමුන් කිහිප දෙනෙකු විසින්. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කොට සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර මිල දරාගත හැකි මට්ටමකට ගෙන ආ යුතුයි.
විකාර කියවන්න එපා... ඔයාලගේ ඔය කටින්ම කිව්වේ බැසිල් විතරක් හිටියත් ඇති කියලා. දැන් වැඩ පෙන්වන්න බඩු මිල අඩුකරලා. අපිට ඕනේ බඩුමිල කළින් ආණුඩුව තිබුණු ගාණට...
තවත් ඇමෙරිකා සවාරියෙන් ගෙනාව තුරුම්පුවක් වගේ...
ඔය හැම එකක්ම අපිටම කරගන්න පුළුවන් නම්, ඔයාලා මොකටද?
ප්‍රථමයෙන්ම, ඉහළ දැමූ තෙල් මිල අඩුකරන්න. ඊට පස්සේ නිකන්ම බඩු මිල පහත වැටෙනවා. කෝ පොහොට්ටුවේ අය ලොකුවට සද්දෙ දාලා, වෙඩි පත්තුකරලා මොරදුන්නේ ඔබතුමා ආවම වැඩිකළ තෙල් මිල නැවත අඩුකරනවා කියා. ඒ සද්දේ හැටියට වැඩේ කෙරුනේ නැහැනේ...
අන්න වැඩ කාරයා ඇවිල්ලා... දැන් සර් පාස් වෙයි. ඊළඟ ඡන්දයට තවත් ආගම් ප්‍රශ්නයක් එළියට දායි.
හලෝ බැසිල්, පව් නොදී , අපිටත් පව් කරගන්න ඉඩ නොදී , ගිය සැරේ වගේ ඔය අතට අහුවෙන මැණික් ටිකක් අරගෙන මෙහෙන් චුතවෙලා යන්නකෝ. ඔබගේ රටට ගිහින් එහෙ තියෙන කඩේ වැඩබලාගෙන ඉන්නවා. මේ ලස්සනට තිබුණු රට විනාශ කළාට රාජපක්ෂලාට හෙනම ගහන්න ඕනෑ.
ඔය ඔක්කොම සිද්ද වුණේ අර ‘‘ග්‍රාමසේවක විකාර කරපු නිසා‘‘ මේ සැරේ අපි ඔහෙලව එළවලා දානවා විතරක් නෙමෙයි.. අර ග්‍රාමසේවකලා බැංකු හොරු වගේ අයටත් බලයට එන්න දෙන්නේ නැහැ. මේක සියයට 80කගේ ජනමතයක්. තීරණයක්...!
ඒ කියන්නේ පුන්නක්කු මිල අඩු කරන්න වෙන්න ඇති..
හොඳ වැඩකාරයෙක් කියලනේ ගෙනාවේ.. දැන් බලනකොට මුකුත් බැහැ වගේ..
තෙල් මිල අඩු කරන්න බෑ. එ්ක මෙයාගේ කාලේ වැඩිකළා නම් මෙයා ඉවරයි. ඒක හින්දා ඒක ගම්මන්පිලගේ පිටින් ගිහින් මෙයා සුදනා වුණා...
මොල 07ක් තියෙනවා කියලා කියපු කෙනාටත්... මොල 07 අයිති කෙනාටත්... විකාර වගේ පේන්නේ...
බඩුමිල අඩුකරන්න බැසිල් විශ්වකර්මයෙක් නොවෙයි. ඉතිහාසයේ සැමදාම කවුරු බලයේ සිටියත් දකින්නට ඇත්තේ මිල වැඩිවීම පමණයි. නමුත් රජයේ සහනාධාර තුළින් මිල කෘතිමව පහත දැමිය හැකි වුවත් ඒවා තාවකාලිකයි. සහනාධාර දීමටත් මේ අවස්ථාවේ රජයට අරමුදල් නොමැත. ආණ්ඩුවේ අදූරදර්ශී මූල්‍ය කලමනාකරණය මේ තත්වය තවත් අයහපත් වීමට බලපා ඇතිබව පෙනේ.
කළින් හිටපු මුදල් ඇමැති උපරිම වැඩිකළා. අලුත් මුදල් ඇමැති ටිකක් අඩුකරයි බැලන්ස් කරන්න. හැබැයි අපි ඔය සූත්තරයාට රැවටෙන්නේ නැහැ. කළින් හිටපු කෙනා අසමත් නම් ඉල්ලා අස්වෙන්න ඕනේ... ජයවේවා..!!!
එච්චරම ඕනෙ නෑ, ඔයා හම්බකරපුවගෙන් 10% ආය දුන්නනං සෑහෙන වෙනසක් කලෑකි, ඔයා 100%ම දුන්නොත් රටේ ප්‍රශ්න බාගයක් ඉවරයි, අයියලා, මල්ලිලා පවුල් පිටින් හම්බකල ඔක්කොම දුන්නොත් මුලු රටේම ප්‍රශ්න ඉවරයි. නායකලා, සිංහලා, නන්දලා, ලක්ශමෑන්ලා, දාසලත, සිල්වලා, පෙරේරලාත් සුනඛ වැඩ නොකර හිටියනං ඇමරිකාවත් කැලේ. "ආසියාවේ ආශ්චර්ය" රෙද්ද පල්ලේ වැක්කෙරෙන අපූරුව........... බයිසන් ගවයෙකු ලෙස හංවඩු ගසාගෙන, විලිලැජ්ජැවේ ගිලී, උමතුවී සිටිමි.
මේ ඉල්ලන්නේ ජනතාවගේ සහාය වෙන්න ඇති බඩුමිල අඩු කරන්න. මෙතෙක් කල් එම සහයෝගය නොදුන්නු එක ජනතාවගේ වැරැද්දක්.. දැන්වත් අපි සහයෝගය දෙමු. ඇමතිතුමා පොඩ්ඩක් පැහැදිලි කළා නම් මොන වගේ සහයෝගයක්ද ඕනෑ කියලා. මෙතුමාට මොලේ තියෙන්නේ ජනතාවට සහන සලසන්නවත්, රට දියුණු කරන්නවත් නෙමේ. තමන්ට හම්බ කර ගන්නත් උප්පරවැට්ටි දාලා ඡන්ද දිනන්න විතරයි.
බඩු මිල අඩු කරන කතා කෙසේවෙතත්, පවුල් පාලනේ අයගේ බලතල නම් ඉහටත් උඩින්... මේ වගේ ජනතාව ගසාකන පවුලේ අයටම ගිය රටක් ලෝකෙවත් නැතුව ඇති...
මෙයාගේ වැඩකිඩ දැක්කාම, අපිට නම් පුදුම නැහැ මෙයාගැන... හරි හමන් අධ්‍යාපනයක් නැහැ. කරපු ඇමැතිකම්වලින් රටට, ජනතාවට සෙත සදන්න කරපු එක වැඩක් කියන්න. 10 පසන්ට් කියලා නමක් දාගත්තා. මෙයා විශ්ව කර්ම වැඩ ගොඩාක් කරලා තියෙනවා. මල්වානේ බංගලාවේ මුල්ගල තිබ්බා. තව රට වටේ ඔය වගේ දේවල් තියෙනවා. මිනිස්සුන්ට පිස්සු මේ වගේ මිනිසෙකුගෙන් මෙරටට යහපතක් වෙයි කියන එක...
බොරුව සහ පුරසාරම් විතරමයි. වැඩ තමන්ට...
මතක් කරල අතවශ්‍ය බඩු ලැයිස්තුව දාන්න
225 දෙනාගේ වැටුප අවුරුද්දක් කපාගන්න.