
(අංජුල මහික වීරරත්න)
අතීතය ගැන පමණක් කථා කරමින් සිට වත්මන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (28) පැවසීය.
පශ්චාත් කොරෝනා යුගයේ රට ගොඩනැගීමට ඇති එකම මඟ කිසිම දේශපාලන පක්ෂයකට වෙනස් කළ නොහැකි ශක්තිමත් දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම බවද වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.
එජාප නායකයා මෙි බව කීවෙි සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරුන් 72 දෙනකු සිය ධුර වල දිවුරුම් දීම වෙනුවෙන් පැවති කෙටි උත්සව සභාවේ දීය.
මෙහිදී "සිය රට" එජාප නිල පුවත්පත ඊ පුවත්පතක් ලෙස එළි දැක්වීම ද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබෙිවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
ඒ කියන්නේ කාලයක් වැල්ලේ ඔලුව හංගන් ඉඳලා ආපසු ආවාම පහුගිය දේවල් අමතක කරලා ඔබතුමාට ඡන්දෙ දීලා ජනාධිපති කරවන්න කියලද?
අනේ මෙයාගේ ප්‍රතිපත්ති මාලාව... මෙයාගේ කටට ප්ලාස්ටරයක් දාන්න කවුරුවත් නැද්ද?
දැන් කියලා වැඩක් නෑ. රට බාරදුන්න හැම වෙලාවේම කලෙත් නෑ... දැන් ඉතින් වැඩක් නෑ... අපි වන පැත්තක් බලාගත්තා.
එනමුත් අතීතයේ අපිට වැරැද්දුවේ කව්ද? වැරැදුනේ කව්රු නිසාද කියන එක දැනගෙන සිටීම අනාගතය සකසා ගැනීමට වටිනවා...
මෙයා මේ පාර එන්නේ හොරුන්ගේ ඉල්ලීමකට. දැන් රට කඩා වැටිලා, ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ. මේ පාවාදෙන්නා දියවන්නාවට ගෙනැල්ලා බොරු කයිවාරු කියලා පීඩනයට මුහුණ දීගන්න බැරි ආණ්ඩුව බේරලා දෙන්නනේ හදන්නේ. මිනිස්සු ඇත්ත හොඳින් තේරුම්ගෙන ඉන්නේ. රනිල්ගේ මොනතරම් කැපිලි අස්සෙත් සජිත් සමගි ජන බලවේගයට හඬාගෙන විපක්ෂ නායක වුණා. රනිල්ගේ ලැජ්ජා නැතිකම කියන්නේ රටෙන්ම ඡන්දයෙන් පැරදිලා බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තුවට රිංගාගත්තනේ. ඉතිහාසගත එජාපය පොළවට සමතලා කළා.
අර්ජුන් මහෙන්ද්‍රන්ට, ඇලෝසියස්ලාට නම් සන්තෝෂ ඇති මෙහෙම කිව්වාම...
පරණ මහබැංකු, හොරකම්, මැරකම් අමතක කරමු .නැවත අලුත් හොරකම්, මැරකම් කරමු.
ඒ කියන්නේ අතීතයේ වැරැදි කළා කියලා පිළිගන්නවා..
තමුන් අතීතයේ හොරු ටික අල්ලලා හිරේ දැම්මා නම් අද මේ වගේ කාලකන්නි තත්ත්වයක් රටට උදා වෙන්නේ නෑ.
ඔව්, ඔව්... අපි මහබැංකුව වගේ වචන අමතක කරලා දාමු.
රටේ ඡන්ද දායකයන්ගෙන් වැඩි පිරිසක් මන්ද බුද්ධිකයින් නොවේ. එම නිසා අපට අමතක වෙන්නේ නැහැ. ලබන සැරේ ප්‍රතිශතය 1%ට බස්සනවා.