IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘‘අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නවා‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නවදිල්ලි අගනුවරදී අද (29) පැවැසීය.

සිය ධුර කාලයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට තමන්ට අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ‘හයිද්‍රාබාද් හවුස්’ නිල නිවස්නයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා සමඟ ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බවත් අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර බෝට්ටු මුදා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය.

ජාතික ආරක්ෂාව, යටිතල පහසුකම් සංවර්ධනය, වාණිජ සහ වෙළෙඳ අවස්ථා සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුන් සහතිකය සහ සහයෝගය පිළිබඳව ඔහුට කෘතඥ වන බව ද හෙතෙම පැවැසීය.

නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කරන බවත් තමන් ජනාධිපති ධුරයේ සිටියදීම පළමුවෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන රාජ්‍ය නායකයා ලෙස අගමැති මෝදි මහතා පිළිගැනීමට තමන් සූදානමින් සිටින බවත් ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසිකව මෙන්ම දේශපාලනික වශයෙන් දීර්ඝකාලීන සබඳතාවක් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ දෙරටේ ජනතාවගේ සුබසාධනය යන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට වැඩ කළ යුතු යැයි ද කීවේය.

බුද්ධි ආයතනවල හැකියාව වැඩි කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි මහතාට ස්තූතිවන්ත වන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව අංශ රැසකින් පවතින බවත් එහිදි ආරක්ෂාව සම්බන්ධ කරුණුවලට ප්‍රමුඛත්වය දෙන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි කීවේය.



අදහස් (7)

‘‘අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා මුදාහැරීමට පියවර ගන්නවා‘‘

Champa Friday, 29 November 2019 03:51 PM

සම්පූරණ වැරදි තීරණයක්. මේ බෝට්ටු අත් අඩංගුවට ගත්තේ අපේ රටේ මුහුදු සීමා උල්ලංඝනය කරපු නිසා. මේ බෝට්ටු නිදහස් කරන එක වැරදියි. ඉන්දියාව ජාත්‍යන්තර සාගර නීතිය යටතේ අපේ රටට අයිති මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වෙන එක වැරදියි.

:       305       176

රනා Friday, 29 November 2019 03:52 PM

අන්න නියම ගනුදෙනු. බෝට්ටු ටික ආපහු දීලා මිලියන 50ක ණය ගත්තා...

:       240       82

Licky Friday, 29 November 2019 06:10 PM

මෙතන කවුරු ලිව්වත් තරහෙන්, වෛරයෙන් නොසිතා රට ගැන සිතා ලියන්න. තවම සති දෙකයි බලය ලැබිලා. ඒ නිසා ඔයාලත් පොඩි විවේකයක් ගන්න...

:       42       299

සුදු බංඩාර Saturday, 30 November 2019 05:14 AM

මම ඔබතුමාට ඡන්දය දුන්නේ නෑ. ඒත් ඔබගේ වැඩ පිළිවෙල ප්‍රතිපත්ති රටට ඉතා අගනේය. ජයවේවා... !!!

:       65       53

sandy Saturday, 30 November 2019 07:17 AM

කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මින් පසු අත්අඩංගුවට නොගෙන ඉන්න. නැතිනම් ලොකු අයියා තර වෙයි. කිසිම උදව්වක් (ණයක්) ගන්න බැහැ ඉදිරියේදී...

:       225       125

පිටිගල මිලානෝ Saturday, 30 November 2019 09:08 AM

බැංකු හොරු අල්ලනවද?

:       215       31

Bamunuarachchi Sunday, 01 December 2019 02:37 AM

එ්ක හොඳයි සර්, මාළු ටිකකට ඉන්දියාව තරහ කරගන්න ඕනෑ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site