IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා කරන්නාගොඩගෙන් පෙත්සමක්

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

 
කෝට්ටේ පදිංචි අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ මහතා විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපකි නිශාන්ත සිල්වා , එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පස් දෙනෙකු නම් කර ඇත.
 
නීතීඥ සනත් විජේවර්ධන මහතා  ගොනු කර ඇති  පෙත්සමේ මෙසේද සඳහන් වේ. 
 
‘‘පෙත්සම්කරු ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වේ. නාවික හමුදාවේ ලූතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු පිරිසක් විසින් තරුණයින් පිරිසක් පැහැර ගත් බව 2009 මැයි 10 වන දින පෙත්සම්කරුට දැනගන්නට ලැබූ අතර ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස නාවික හමුදා පොලිස් ප්‍රධානියාට උපදෙස් ලබා දුන්නේය. තත්ත්වය මෙසේ තිබියදී. 2010 සැප්තැම්බර් 13 වන දින ලූතිනන් කොමාන්ඩර් වෙළගෙදර නැමැති නිලධාරියා විසින් පෙත්සම්කරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව සාවද්‍ය තොරතුරු සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.
 
මෙම ප්‍රකාශය අනුව පෙත්සම්කරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේය. මේ අතර හිටපු රියර් අද්මිරාල්වරයෙකු වන ට්‍රැවිස් සින්නයියා මහතා විසින්ද පෙත්සම්කරුට එරෙහිව ව්‍යාජ තොරතුරු අඩංගු ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලදී. මෙම ප්‍රකාශ  සාවද්‍ය බවට පෙත්සම්කරු විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දෙන ලදී.
 
පෙත්සම්කරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු බැවින් රහස් පොලීසිය මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. මෙම තත්ත්වය තුළ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙත්සම්කරු කියා සිටී.
 
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද ,තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , වගඋත්තරකරුවන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද , මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.‘‘



අදහස් (10)

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා කරන්නාගොඩගෙන් පෙත්සමක්

sirimal Monday, 25 February 2019 01:00 PM

"හොරාට කලින් කෙසෙල් කැන පැනලා" කියලා කවුදෝ කියනවා ඇහුණා. ජිනීවා මල බෙරේ ගහන්න දැන් හොඳ වෙලාව...

:       574       528

පිටිගල මිලානෝ Monday, 25 February 2019 01:01 PM

කෙතරම් රණවිරුවෙක් වුවත් නීතිය හැමටම වඩා ඉහළයි. බලය සහ කීර්තිය යන වරප්‍රසාද ලත් අයම තමයි මේ රටේ බරපතලම අපරාධ කරන්නේ. නියම රණවිරුවෙක් නම් සහ මේ චෝදනා තමාට අදාළ නැත්නම් ගරු අධිකරණයේදී ඒ බව පෙන්වන්න. වරදක් කළ බව පෙනෙන්නට වත් නැති කෙනෙක්ව කිසිම විනිසුරු කෙනෙක් අපරාධකරුවෙක් කරන්නේ නැහැ. නමුත් වැරදි කර ඇත්නම් තමයි බයවෙන්න ඕනේ...

:       1734       2205

CiscoMonday, 25 February 2019 02:10 PM

මේ ක්‍රමය අනුව සමහර වැරැදි කරුවන් නිදහස් වෙනවා. සමහර නිවැරැදි කරුවන් නීතියෙන් දඬුවම් විඳිනවා. විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ නම්.... මෙයා මේ රටේ කුමන දේශපාලන පක්ෂයක් බලයට ආවත් ඒක සාමාන්‍යයි.

:       0       0

BamunuarachchiMonday, 25 February 2019 04:39 PM

ඔබ හරි වැරැද්ද මනින මිම්ම මොකකක්ද? දහස් ගණන් සිංහලයෝ එක බෝම්බෙන් මැරෙනකොට හරි වැරදි මැන්න මිම්මෙන්ද දෙමල ඡන්ද ඕන උනාම මනින්නේත්.

:       366       793

SenarathTuesday, 26 February 2019 03:30 AM

හමුදා බුද්ධි අංශයේ නිලධාරියෙක්ව අවුරුද්දකට වැඩි කාලයක් හිරේ දාලා තියලා කිසිම චෝදනාවක් ඔප්පු කරගන්න බැරිව නිදොස්කොට නිදහස් කරා. ඒකද මෙතනත් වෙන්න ඕන? චෝදනාවක් තියෙනවනම් මේ යහපාලන රජයට අවුරුදු 4ක් ඇතුලත සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න තිබුණා. මේ අගනා සේවයක් රට වෙනුවෙන් කල ඉහල නිලධාරීන්ව නිකන් මඩවන්න හදන්නේ නැතිව.

:       11       133

වික්‍රමTuesday, 26 February 2019 05:39 AM

ඒක ඇත්ත හැබැයි තමුන් දන්නවද මේ මනුස්සයට විරුද්දව සාක්ෂි දෙන්න කැමති පුද්ගලයට යහපාලනයෙන් දෙන්න ගිය වරප්‍රසාදය. වෙලාවට රේගුව ඊට විරුද්දව නැගී හිටියා. ඒ කුට්ටිය දෙන්න ගිය අය මේ රටේ එන් ජී ඕ කාරයන්ගේ ඔඩොක්කුවේ ඉන්න කෙනක් දැන් තේරුම් ගන්න පුළුවන් නේද, මේක සැබෑ චෝදනාවක්ද නැද්ද කියල

:       1       114

lal peiris- milano Monday, 25 February 2019 02:04 PM

අද ලංකාවේ වැරදිකරුවන් නිදහස් කරලා වැරදීමකින් කියලා නැවත වැරදිකරු කරන නඩුකාරයෝ ඉන්න රටක් ශ්‍රී ලංකාව, (රේගුවේ බීඩි කොළ කන්ටේනර්) ඔබලාට ඒවා පේන්නැද්ද? රට වෙනුවෙන් සටන්කළ රණවිරුවන්ට නින්දා කරන්න එපා පාහරයනි....

:       92       292

rohana kumara mendis Monday, 25 February 2019 05:02 PM

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා මේ විදිහට අසිංසක මසුස්සයන්ටත් ඉල්ලන්න දෙන්න ඕනි.මේ ගොල්ලෝ දේශපාලකයෝ වගේ

:       11       26

Bandara Tuesday, 26 February 2019 03:26 AM

ඇතැම් විට ආරක්ෂක අංශ වල සාමාජිකයින් නීති විරෝධී වැඩ වලට සම්බන්ධ වී ඇති අවස්ථා දැකගත හැක.

:       2       1

vipula Tuesday, 26 February 2019 09:40 AM

දැන් කොටින්ගේ බෝම්බ කොළඹ පිපිරෙන කොට හරි වැරදි නීති එදා බැලුවේ නැත්තේ ඇයි. රටේ සාමකාමී වාතාවරණය හේතු කරගෙන මෙසේ කිරීම වැරදී. උතුරේ කල්ලියක් මිනිස්සු කපා කොටා දැමීම ගෙවල් වාහන ගිනිතැබීම නැවැත්වීම තවම කරගන්න බැරි වෙලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28343 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 197 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site