(සිතුම් චතුරංග)
ත්‍රස්ත කටයුතු වලට සම්බන්ධ බවට පවසමින් අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ වෛද්‍ය නිලධාරියා මුදාහරින්නැයි ඉල්ලා පලෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
රෝහලේ සිටි දක්ෂ වෛද්‍යවරයාට ත්‍රස්ත චෝදනා එල්ල කරමින් අසාධාරණ ලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් වහාම ඔහු නිදහස් කර යළි පලෙයි රෝහල වෙත සේවයේ පිහිටුවන ලෙස රජයට බලකරමින් මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරතවිය.
පසුගිය 18 වැනිදා දෙමළ ඩයස්පෝරාව හා විවිධ ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සින්නතම්බි ශිවරූබන් නැමති පලෙයි රෝහලේ වෛද්‍යවරයා යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත බාරදෙනු ලැබීය.
වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් රෝහලේ සායනික කටයුතු ඇණහිට ඇති බවත් රෝගී ජනතාව පීඩාවට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පැවසීය.



COMMENTS
මේ විරෝධය රටේ නීතියට නේද? මොවුන්ද අත් අඩංගුවට ගතයුතුයි
මේ අයට මානසික රෝගියෝ කිව්වත් අපේ විරුද්දයක් නැහැ! ඒත් දොස්තර හිරේ ගියයි කියලා, රෝහලක සේවය ඇනහිටීම ගැන සොයා බැලීම යුතුකමක් .
නැවත ත්‍රස්තවාදය ඕනේ කියලද කියන්නේ?
උතුරෙයි දකුණෙයි මිනිස්සු එකම දේ කරනවා .
නිතිය නැමෙයිද ?
නිදහස් කරන්නම් අවුරුදු ගණන හිරේ ලැගලා ආවම. දැන් දෙමල දොස්තරලත් විස්වාස නැහැ.
වෛද්‍ය සංගමයත් වර්ජනයකට සූදානම් වෙනවා කියල පුවත් පලවුනා.
මෙන්න තවත් ප්‍රතිපලයක්, තමන් කරන දේ හරියට නොදත් දේශපාලුවන්ගේ වැඩක්. රටක නීතිය කියන එක නොදත් එවෙලට හිතට එන දේ වැඩිදුර නොසිතා ඔහේ කරන දේශපාලුවන්ගේ වැඩක්. තව දුරටත් මෙම ක්‍රමවේදයම පවත්වාගෙන යා යුතුද? නැතහොත් උගතුන්ගෙන් පිරි දේශපාලන රටාවක් ගොඩ නැගිය යුතුද?
මේ උන්නැහේල දන්නේ නැත්නම් දැනගන්න දැන් ඉස්සර නාඩගම් නටන්න බැහැ. මේක මෙයාලට විතරක් නොවේ මෙයාලට , කොටින්ට කඩේ යන එන් ජී ඕ කල්ලිවල ඉන්න ඔක්කොටම වලංගුයි. දැන් ඔය බූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලන්න පටන් අරන් තියෙන්නේ .