තිස්ස කොටින්කඩුව
ජාඇල බෝපිටිය පොලිසිය විසින් ඉකුත් දින (05)සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බවට තහවුරු විමෙන් පසු සොරකමේ යෙදි සිටියේදි ඔහු අල්වා පොලිසියට බාර දුන් ගම්මුන් පිරිසකගේ නිවෙස් වලට යන මාර්ගය කිසිම පුද්ගලයකුට ඇතුලුවීමට හෝ පිටවීමට අවසර නොදි වසා දැමිමට කටයුතු කළ බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පැවසීය.
මේ අනුව එම මාර්ගයේ නිවෙස් 10 වසා දමා ඇති අතර නිවසියන් 62 ක් පුර්ණ ස්වයං නිරෝධායනය සදහා යොමු කර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා ප‍්‍රකාශ කර සිටියේය.
මෙසේ වසා දමා ඇත්තේ බෝපිටිය දැලතුර පල්ලිය ඉදිරිපිට ඇති නවෝධ්‍ය මාර්ගයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදට දන්නේ නැතුව බලාගන්නේ අහිංසක මහජනතාවගේ බදු මුදලින් නේද ?
මේ වැඩ පිළිවෙල විවේචනය කරන කෙනක් අපට කියන්න ලෝකේ මොන රටේ මිනිස්සු ගැනද මේ විදියට මේ ව්‍යසනයේදී හිතන්නේ කියලා.