විනීතා එම් ගමගේ
සී ෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයින් පිරිසක් මුදා ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
තමන් සී ෂෙල්ස් රාජ්‍යයේ කළ නිල සංචාරයේ දී එරට බලධාරින්ගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම ධීවරයින් මුදා හැරුණු බව ද ජනාධිපතිවරයා කීය.
මෙරට මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයින් මෙසේ සීමා පැන සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාව දක්වා ගොස් ඇති බවත් එහිදී අත්අඩංගුවට පත්ව ඇතැයි සිතන බවත් ජනාධිපතිවරයා කීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ජලජීවී වගා තාක්ෂණික සමුළුව අමතමිනි.
COMMENTS
තමාගේ ජීවතය පරදුවට තබා සී ෂෙල්ස් දුපතට ගොස් ධිවරයන් බේරා ගත් ශ්‍රී ලංකා ජනපතිට අපගේ උපහාරය.
එහෙනම් මේ සංචාරය වටිනවා.
උන්දලා ගෙදර එනකන් ෂුවර් නෑ . හෙට අනිද්දා කියයි කියුවොත් නිදහස් කලේ නෑ ඒ පිළිබද සලකා බලනවා විතරයි කියලා................
ඔය වැඩේ ටෙලිෆෝන් කෝල් එකෙන් කරගන්න තිබුණ නේ ?
ධීවරයෝ කිහිප දෙනෙක් මුදවා ගන්න රටක ජනාධිපතිවරයෙක් පිට රටක රාජ්‍ය නායකයකුගේ දෙපාලඟට ගිය පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වෙනවා ඇත.
මේකෙන් පේන්නෙ අපේ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ක්‍රමයේ තීයෙන දුර්වලභාවය. ජනාධිපති යන්න ඕනෙ බේරගෙන එන්න. මේක මෙහෙ ඉදගෙන කරන්න් බැරිද? හොද වෙලාවට ඇමරිකාව වගේ රටක් පැත්තෙ නොගියෙ.
මෑත ඉතිහාසයේ සිදු වූ එකම රටට වැඩ දායක සේවය. කියලා වැඩක් නැත.