
(නිමල කොඩිතුවක්කු)
ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පෙරවරුවේ එම පරිශ්‍රයට පැමිණි අතර එහිදී වරාය පොලිසිය විසින් ඊට බාදා පමුණුවනු ලැබීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ නීතිඥයන් පිරිසක් සමග එම ගුරුවරුන් ගේ සුවදුක් බැලීම සඳහා පැමිණි අවස්ථාවේදී එම පරිශ්‍රය තුළට යාමට නොහැකි බවට පොලිස් නිලධාරීන් සහ වරාය පොලිසිය ඊට බාධා කරනු ලැබීය.
එහිදී විපක්ෂනායකවරයා විනාඩි විස්සකට අධික කාලයක් එහි රැඳී සිටි අතර උසස් නිලධාරීන් ගෙන් විමසා හෝ තමන්ට එම ගුරුවරුන් ගේ සුවදුක් විමසීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.
රටේ විපක්ෂ නායකයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට, නීතිඥවරුන්ට පොලිසිය තුළ යෑමට අවසර නැත්නම් රටේ තිබෙන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී රැස්ව සිටි මාධ්‍ය අමතා ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරුන් පිළිබඳ සොයා බැලීමට පොලිසිය තුළට යාමට ඉඩ නොදීමෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් එම ගුරුවරුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ඇතුළු සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් ද රැගෙන එනු ලැබීය.
ඒවා ඔවුන්ට ලබා දීමට පොලිස් නිලධාරීන් අවස්ථාව ලබා නොදුන් බවත් නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ්මේ ,මෙතුමා කොච්චර නම් ගුරු පඩි වැඩි කරලා තියෙනවද නේද ? සතයක් හරි ගුරුවරුන්ගේ පඩි වැඩි කරලා තියෙනවා නම් .........ගියාට කමක් නැහැ හොඳේ. ඩෙල්ටා හදාගෙන ,ලෝකෙට බනින්න හොඳේ !!
ඇයි මෙයා විශ්ව කර්මයාද? මෙයා සහ ජේවීපී , ඇවිළෙන ගින්නට පිදුරු දානවා. මේ වැඩ වර්ජන කරන්න කාලයක්ද? ගුරුවරු අවුරුදු දෙකකට කිට්ටු වෙන්න කොරෝනා නිසා පිං පඩි ගත්තා. සාමාන්‍ය කාලයටත් අවුරුද්දට මාස තුනක් ගෙදර. සෙනසුරාදා ඉරිදා ගෙදර. සතියේ දවස්වලට දවල් 1.30 ට රාජකාරී හමාරයි. ටියුෂන් වලින් ඇති තරම් හම්බු කරනවා. ඔය විදියට තව කී දෙනෙකුට වැඩ වර්ජන කරන්න පුළුවන්ද? මේවා අසාධාරණ ඉල්ලීම්.
මේ මාධ්‍ය ජෙප්පෙක් නැතිනම් අසමගි බලවේගේ ජෙප්පෙක් .ලියපු විදියටම පේනවා .වටෙන් අත දාන්නේ නැතිව කෙලින්ම කන අල්ලන්න .මේක මේ අයගේ පුරුද්ද
තැටිිය රත්වෙච්ච වෙලාවෙ රොටියක් පුච්චගෙන , කල දුටු කල වල ඉහගෙන වතුරත් බීලා, බොර වතුරෙ මාළුත් බාගෙන , දරත් අරන් ගිහින් ඇවිලෙන ඇවිලෙන ගින්නට දමන්න.
විපක්ෂ නායකටත් මානව හිමිකම් නැත්නම් රටේ ජනතාව ගැන කවර කතාද? දැන් හමුදාව කැඳවලා. ඔබතුමාලා කරුණාකරලා වහාම විදේශ තානාපතින්ව හමුවෙලා ලංකා ආණ්ඩුවේ මේ ඒකාධිපති වියරුව ගැන පැමිණිලි කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැම්ණිලි කරන්න. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරන්න. වහාම ලංකා ආණ්ඩුවට එරෙහිව සම්බාධක පනවන්නැයි ඉල්ලා සිටින්න. ආණ්ඩුවේ මේ ඒකාධිපති ක්‍රියාවන් වහාම නැවත්තුවේ නැත්නම් නැවත රතුපස්වල සිදුවීම් රට පුරා දකින්න සිද්ද වෙයි.
රජය ගුරු භවතුන්ට අපහාස කරනකොට.....විපක්ශ නායක තුමා මේ ලෙස වැදගත් විදියට අපහසුතාවට පත්වුන ගුරුවරුන් වෙනුවෙන් ඉදිරිපත්වීම ඉතා හොදයි . "කාලකන්නි" කියා ගුරුභවතුන් ඇමතීමෙන් රජය මේ ප්‍රශ්නය විහින්ම ඇතිකරගෙන රජය ඉදිරියෙදී දරුණු කඩා වැටීමකට ලක්වෙන්න පුළුවන්.ඉතිහාසයේ කිසි දවසක නොදැකපු අති දැවැන්ත සෙනඟක් සෑම නගරයකම ගිය විරෝදතා රැලි වල අපි දැක්කා .ගුරුවරුන් කියන්නේ දෙවිවරුන් කියා අපේ දෙමාපියෝ කියා දුන්නා අපිට මතකයි .
මේක සුවදුක් බැලීමට වඩා බොර දියේ මාළු බෑමක්.
ආණ්ඩුවේ ඇමති කෙනෙක් එක්ක ගියානම් පොලිසිය වැඳලා ඇතුලට ගන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමට කදිම අවස්ථාවක් ඇති කිරීමක් කියල කියන්න පුළුවනි. රටේ විපක්ෂ නායකටත් මෙහෙම බාධා කරනවානම් ලංකාවේ මානව හිමිකම් කඩවීම නැතැයි කියන්නට හැකි කෙනෙක් සිටිනවාද.
මේ අසීරු අවස්ථාවේ රට ගිනි තියන ඒවාට දායක වෙන්න එපා විපක්ෂ නායකතුමනි
සජිත්, හැමදේම වවාගෙන කෑමක් කරගන්න එපා.