(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට සරසවි සිසුවිය ඇතුළු සිසුන් 53 දෙනා අද (25) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි.
මෙම සිසුන් 53 අතර අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කාර හිමිනම, රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, අග්නිදිග සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම්, කැලණිය මානව ශාස්ත‍්‍ර පීඨයේ ශිෂ්‍යාවක් සිටි බව වාර්තා වේ.
මෙම පිරිස වරායේ පොලිසියේ රඳවා සිටින අතර ඔවුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි.
COMMENTS
ඉඳලා ඉඳාල කැම්පස් පටන් ගත්ත විතරයි මහ පාරේ. මෙයාලට ඉගෙනගන්නනම් ඕනේ කමක් නැහැ. අපරාදේ මෙයාලට වියදම් කරන සල්ලි.
අහිංසක දුප්පත් පුරවැසියන්ගේ බදුමුදල් විනාශ කරන මෙවන් අයට උපරිම දඩුවම් ලැබේවා! අන්තරේ ඉන්න මිහරකුන්ට ජිවිත කාලේටම පාඩමක් ඉගෙන ගැනීමට ලැබේවා !
දෙන්න එපා ඇප. විශේෂයෙන් ම අන්තරේ නායක භික්ෂූවට. ඔවුන් කවුරුවත් රුහුණු සරසවියේ සිදුවූ ලිංගික අපචාරයට විරුද්ධව එක වචනයක් කිව්වේ නෑ.
අධිකරණ නියෝග කඩකිරීමක් කළාය කියලා අරහේ අර හාමුදුරුවන් රිමාන්ඩ් කරවන්න කට්ටියක් දඟලනවා. මෙහෙ අධිකරණ නියෝග කඩන අය ගෙදර යනවා. ඉන්න ආසම හිතෙන රටක්.
මේ හැම කෙනාටම ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන්න. රටට, ජාතියට සත පහක ඵලක් නැති රැලක්. අමරසේකර උන්නැහේ කිව්වා වගේ මේ විශ්ව විද්‍යාල ඔක්කොම වහලා දැම්මත් රටට එයින් වෙන කිසිම පාඩුවක් නැහැ!
ශිෂ්‍යාවකුත් ඉන්නවලු. මොන ලැජ්ජාවක්ද? විවාහ වෙලා ගිය දවසට සැමියාගේ ගෙදර උදවියටත් දියව් දියව් කියලා අහගෙන ඉන්න වේවි...!!!