(සිතුම් චතුරංග)
බලපත්‍ර නොමැතිව දැව තොගයක් රැගෙන ගිය කැබ් රථයකට ඕමන්ත මානික්කර්වලවු ප්‍රදේශයේ දී අද (3) සිදුකළ යුද හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ඕමන්ත පොලිසිය කියයි.
කැබ්රථය යුද හමුදාව විසින් නැවැත්වීමට ගත් උත්සහයකදී අණ නොතකා ධාවනය කර ඇති අතර එහිදී වෙඩි තබා ඇති බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ ඕමන්ත පිහිටි 563 බළසේනා නිළධාරීන්ට නීති විරෝධි දැව ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීම් අවස්ථාවකදී අණ නොතකා ධාවනය කළ බුරුත දැව ප්‍රවාහනය කළ කැබ් රථයකට වෙඩි තබා ඇති බවයි.
වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරුණෙ වවුනියාව සේමමඩු පදිංචි උලගනාදන ප්‍රසාද්(39) සහ නවරත්නරාසා සජීවන් (21) නැමති පුද්ගලයින් වේ.
වෙඩිවැදී තුවාල ලබා සිටි පුද්ගලයින් යුද හමුදාව විසින් වවුනියාව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.
බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ කැබ්රථය හා එහි තිබූ දැව කඳන් තොගය යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාරදීමට කටයුතු කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අණ නොතකා ගිය කැබ් රියකට ඕමන්තේ දී වෙඩි : දෙදෙනෙක් රෝහලේ