IMG-LOGO

අඩුපාඩුවක් වී ඇත්නම් ජනපති හමුවී සාකච්ඡා කරන්න

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු යළිත් එවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා ජනාධිපතිවරයා සියලූ ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවත්, තවත් කුමන හෝ අඩුපාඩුවක් ඇතැයි සිතෙන්නේ නම් එතුමා සමඟ සාකච්ඡා කරන්නැයි කාදිනල් මැක්ලම් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගෙන් ඉල්ලා සිටින බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ප‍්‍රහාරයන් නිසා විනාශ වූ කොච්චිකඬේ, කටුවාපිටිය දේවස්ථාන නාවික හමුදාව, යුද හමුදාව යොදවා මාස දෙකක් තුනක් ඇතුළත ප‍්‍රතිසංස්කරණය කළෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව බව කී මහලේකම්වරයා ඒවා විවෘත කර ලකුණු දමාගැනීමට එතුමා කටයුතු නොකළ බවද සඳහන් කළේය.

ඒ ආකාරයෙන්ම මඩකලපුව සියෝන් දේවස්ථානයද යථා තත්ත්වයට පත්කරගෙන යමින් තිබෙන බව දයාසිරි ජයසේකර මහතා කීවේය.

සිදුවන කටයුතුවල අඩුපාඩුවක් ඇතැයි කාදිනල්තුමන්ට සිතෙන්නේ නම් කළ යුත්තේ ජනාධිපතිතුමන් සමඟ සාකච්ඡා කර විසඳාගැනීම මිස වේදිකා මත ඒ ගැන කතා කිරීම නොවන බව ද කී මන්ත‍්‍රීවරයා එසේ ගැටුම් ඇතිකරගැනීම හොඳ දෙයක් නොවන බව ද ප‍්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 

 



අදහස් (12)

අඩුපාඩුවක් වී ඇත්නම් ජනපති හමුවී සාකච්ඡා කරන්න

JP Tuesday, 23 July 2019 02:07 PM

අපේ දළදා මාලිගවට කොටි ගහපු වෙලාවේ ඒව නැවත පිළිසකර කලේ ජනතාව ගෙ ආධාර වලින් විශේෂයෙන් බෞද්ධයන් . අපේ හාමුදුරුවරුන් ඒ කාලෙ ඔහෙම ආඩපාලි කීවෙ නෑ.

:       610       279

LeslieWednesday, 24 July 2019 02:36 AM

ජනතාවගේ සල්ලි වලින් තමා මේ රටේ හැම දෙයක්ම කරන්නේ ඔය දේශපාළුවන්ගේ සාක්කු වලින් ශතයක්වත් දෙන්නේ නෑ. කාදිනල් තුමාගේ කතාව සහතික ඇත්ත. දැන් කට්ටිය කැපුණු පනුවෝ වගේ දගලනවා.

:       0       0

dare Tuesday, 23 July 2019 02:26 PM

අඩු පාඩු! මිනිස්සු කීයක් මැරුණද මිනිහෝ! ලජ්ජා නැතුව කියන හැටි විතරක්.

:       396       625

Prabha Tuesday, 23 July 2019 04:15 PM

මෙයා කලින් හිටියේ එජාප නේද?

:       123       7

athuraWednesday, 24 July 2019 03:35 AM

ඊට කලින් හිටියේ මහින්ද ලග.

:       0       0

Buddika Tuesday, 23 July 2019 02:45 PM

අනේ එය පත් වූණ දවසේ ඉඳලම වුණේ අඩුපාඩු රටට. අපි ඉවසගෙන ඉන්න තව මාස කීපයකින් ගෙදර යන නිසා

:       0       107

Chanak los angeles Tuesday, 23 July 2019 02:51 PM

2015 ජනපතිවරණයේදී සිරිසේන මහත්තය ඇවිදින විලාසයට සමාන කරමින් රඟදක්වා පෙන්වාදීපු මේ දිව දෙකේ හාදයා අද ඔහුගේ ප්‍රධාන හිතවතා.අපුරුයි නේද ජරාවට නිල මැස්සා ඇදෙන හැටි .

:       0       162

kolam boss Tuesday, 23 July 2019 02:52 PM

දැන් එතකොට ඔබට රනිල් සමග පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් ප්‍රශ්න ඇතිකරගන්නත් ඒවා වේදිකාවල මහා හයියෙන් ජනතාවට කියන්නත් අවුලක් නැහැ . ඒවා පුළුවන් . කාදිනල් තුමාට තමන්ගේ ජනතාවට වෙච්ච මහා භයානක අසධාරණේ වෙනුවෙන් ජනපති එක්ක ප්‍රශ්න ඇතිකරගන්න හොඳ නැහැ . හරිනම් ඔය පල්ලි හදන්න ඕන හමුදාවෙන් නෙමෙයි . ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඔයාල ටික එකතුවෙලා සිමෙන්ති අනල හදල දෙන්න ඕන .සියල්ල දැනගෙන රට ආරාජික වෙන බව දැන දැන නිහඬව සිට මෙය වෙන්න ඉඩ සැලසුවාට .

:       0       0

gamarala Tuesday, 23 July 2019 03:54 PM

අති ගරු කාදිනල්තුමනි සමාවන්න. ඔබතුමන් අප්‍රේල් 21 ඉවසුවා සේම තව දුරටත් ඉවසනවානම් යහපති. මා බෞද්ධයෙක් උනත් නිතරම නැති උනත් දේවස්ථානවලට යන කෙනෙකි. බොහෝ ඉවසීමකින් කටයුතු කරන ඔබතුමන්ලා ඉක්මනින් තීරණ ගැනීම කලොත් මහත් විනාශයක් විය හැකියි. විටෙක අපේ ඉවසිමේත් සීමාවක් තියනවා කියමන මෙතැනදී මට සිහිවේ. එහෙත් තව ටිකක් ඉවසුවොත් අපට සියල්ල ජයගත හැකිවේවි. සමාවෙන්න මගේ අදහස් දැක්වීමට.

:       72       4

NUWAN Tuesday, 23 July 2019 06:33 PM

අතිගරු මැල්කම් රංජිත් උත්මාණෝ නගන ප්‍රධාන චෝදනාව වී ඇත්තේ සිද්ධිය වී මාස 3 ගත වී ඇතත් සිධිය පිලිබඳ කරන ලද පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳව උන්වහන්සේව දැනුවත් කර නොමැති බවයි. සැබවින්ම උන්වහන්සේ පමණක් නොව ලංකාවේ සියලුම ආගමික නායක කාරකාදීන් දැනුවත් නොකිරීම අදාළ බලධාරීන් විසින් මොනයම් ක්‍රමයකින් හෝ ඉටු නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාවාසී ජනතාව තුළ වුවද මතුවී ඇත්තේ බලවත් කුකුසකි. මෙයට සාධනීය ලෙස පිළිතුරු බැඳීම ප්‍රමාද කිරීමෙන් වැලකී සිටීම නුවණට හුරු නොවන බව පාසල් සිසුවන්ගේ ටිකිරි මොළ වලට වුවද ස්පර්ශ වන්නකි.

:       9       85

Don Wednesday, 24 July 2019 02:08 AM

සාකච්ඡා කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ.

:       0       0

jayath Wednesday, 24 July 2019 04:40 AM

මොනවා තවත් කතාකරන්නද දේශපාලන පාට කන්නාඩි ගලවලා බලන ඕන කෙනෙකුට ඇත්ත පේනවා නෙව !

:       0       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 507 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 936 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site