
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ප්ලාස්ටික් බූලි තුනක මෙම ගිනි වතුර අඩංගු කර තිබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන සෝදිසි මෙහෙයුමක දී නිවෙස් දෙකක සඟවා තිබූ මෙම ගිනි වතුර අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.