IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අඟුණකොළපැලැස්ස ප්‍රහාරයේ වාර්තා යට ගහලා

(බිඟුන් මේනක ගමගේ) 

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට සිදුකළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් පත්කරන ලද කමිටු වාර්තා මාස හතක් තිස්සේ බාර දී නැති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ බන්ධනාගාර අමාත්‍යංශයෙන් කරන ලද විමසුමකට පිළිතුරු වශයෙන් යොමු කෙරුණු ලිඛිත කරුණු දැක්වීමකින් මේ බව තහවුරු කෙරිණි.

ඒ අනුව අදාළ පහරදීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට බාර දී ඇත්තේ අතුරු වාර්තාවක් පමණකි.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත රැඳවියන් පිරිසකට එහි ඉහළ නිලධාරින් පිරිසක් විසින් පසුගිය වසරේ ඔක්තෝබර් 21 වැනිදා සිදුකරනු ලැබුවේ යැයි කියන වධහිංසා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරනු ලැබුවේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.

බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රැඳවියන් විරෝධතා පැවැත්වීමට කළ පලිගැනීමක් වශයෙන් මෙසේ වධහිංසා කර ඇතැයි චෝදනා කළ එම සංවිධානය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියටත් තවත් පැමිණිලි දෙකක් කළේය.

එහිදී අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මියගේ නියෝගයෙන් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට කමිටු දෙකක් පත්කෙරිණි.

ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් එක් ත්‍රිපුද්ගල කමිටුවක් ද කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී.එම්. නානායක්කාර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එම්. බස්නායක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජී.ඒ. ස්වර්ණලතා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වන සේ අමාත්‍යංශ මට්ටමින් තවත් ත්‍රිපුද්ගල කමිටුවක් ද අමාත්‍යවරිය විසින් පත්කරනු ලැබිණි.

එම ත්‍රිපුද්ගල කමිටු වාර්තා දෙකම සකසා අවසන් කර අමාත්‍යවරියට බාර දුන් බවට එම කමිටුවල නියෝජිතයන් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළ නමුත් මෙම තොරතුරු දැනගැනීමේ අයැදුමට ලද පිළිතුරෙන් එය ප්‍රතික්ෂේප කර ඇත. 



අදහස් (0)

අඟුණකොළපැලැස්ස ප්‍රහාරයේ වාර්තා යට ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 186 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2069 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site