IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


අගවිනිසුරු නලීන් පෙරේරා 28 වැනි දා විශ්‍රාම ගනී

( තිළිණි ද සිල්වා )
 
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ලබන 28 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණ ආංරංචි මාර්ග සදහන් කරයි.


විශ්‍රාම යාමට නියමිත වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාට සමුදීමේ චාරිත්‍රානුකුල නිල හමුවක් අද(5) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පැවැත්විණි.

ශ්‍රේෂ්ඨාධිකරණ උත්සව ශාලාවේ පැවති මෙම සමු දීමේ නිල හමුව සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ සහ කොළඹ කලාපයේ මහේස්ත්‍රාත් අධිකරණවල සේවය කරන සියලුම විනිසුරුවරු එක්ව සිටියහ.

මෙහිදී ද වත්මන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතාගේ සේවය අගය කරමින් නීතිපති ජයන්ත ජයසූරිය මහතා මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අදහස් පළ කළහ.

පසුව අගවිනිසුරු නලීන් පෙරේරා මහතා කියා සිටියේ තම ධුර කාලය තුළ අධිකරණයේ ස්වාධීනත්වය උපරිම ආකාරයෙන් ආරක්ෂා කිරීමට තමා කටයුතු කළ බවයි.

අගවිනිසුරුවරයෙකු ගේ කාර්යභාරය ඉතා බරපතල මෙන්ම සංකීර්ණ බව පෙන්වා දුන් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා එම කාර්යය තමන් මැනවින් ඉටුකිරීමට සියලු උත්සාහ දැරූ බවත්  නලින් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම නිල හමූව  සඳහා නීතිඥවරු විශාල පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඉකුත් වසරේ ඔක්තෝබර් 22 වැනිදා  එම ධූරයට පත් කරන ලදී.

අගවිනිසුරු ධූරයට පත් වීමෙන් පසුව නලින් පෙරේරා මහතා ගේ ඉතා සුවිශේෂී තීන්දු රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළ අතර එලෙස ප්‍රකාශයට පත් කළ තීන්දු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවට අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කිරීම විශේෂ වේ.



අදහස් (9)

අගවිනිසුරු නලීන් පෙරේරා 28 වැනි දා විශ්‍රාම ගනී

NARAYANA Friday, 05 April 2019 08:28 AM

රටට කාලා අපරාද වල සැපය අප්‍රේල් 28 වෙනකම් විතරක් නොවෙයි... කාලයක් තියේවි

:       127       1438

sk Friday, 05 April 2019 08:59 AM

හොද තීන්දු දුන්නද ?

:       0       0

shamalee Friday, 05 April 2019 11:19 AM

කතෝලික ගේබ්‍රියෙල් සැලසුමේ ප්‍රධාන කොටස්කරු..

:       361       1393

චානක් Friday, 05 April 2019 12:26 PM

සතුටුයි විශ්‍රාම අරගෙන යන එක ගැන...

:       47       1155

jj Friday, 05 April 2019 01:31 PM

හොඳම අගවිනිසුරු...

:       1510       611

Sanath KandyFriday, 05 April 2019 03:59 PM

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඔබ එදා දුන් නිර්භීත තීන්දුව ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. ගරු අගවිනිසුරුතුමනි, ඔබට සැනසිලිදායක විශ්‍රාම දිවියක් පතමු.

:       1988       653

MaheeFriday, 05 April 2019 08:09 PM

පටන් ගන්නකොට අපිත් හිතුවේ නම් එහෙම තමයි.

:       0       0

Lion Saturday, 06 April 2019 05:34 AM

විනිසුරුතුමනි, ඔබ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ ආකාරය සදා අමරනියයි.

:       1048       35

Keppetipola Saturday, 06 April 2019 05:53 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරපු නඩුවේ ව්‍යවස්ථාව කියවලා තීන්දුව දෙන්න මාස ගණන් කල් ගත්ත එකෙන් තේරෙනවා මෙයාගේ තියෙන බුද්ධිමත්කම. නීතිය එක එක ආකාරයට නවන පක්ෂග්‍රාහී විනිසුරුවන් රටට පිළිලයකි...

:       108       1067

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29241 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18221 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11525 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 715 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 213 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site