(විනීතා එම් ගමගේ)
අගමැති පුටුවේ ඉගන්නේ කවුදැයි තීරණය කිරීමට කථානායකවරයාට කිසිදු අයිතියක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.
ඒ සඳහා කථානායකවරයාට කිසිදු නෛතික, සදාචාරාත්මක හෝ ව්‍යවස්ථාමය බලයක් ද නැතැයි ඇමතිවරයා කීය.
කථානායකවරයා ගෙන ඇත්තේ පුද්ගලික හා දේශපාලනමය තීන්දුවක් යැයි ද, එය කතානායකවරයෙකුට තරම් නොවේ යැයි ද අමුණුගම මහතා කියා සිටියේය.
මේ තත්ත්වය යටතේ යම් ගැටුම්කාරි වාතාවරණයක් රට තුළ නිර්මාණය වුවහොත් එයට කතානායකවරයා වගකිව යුතු යැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(05) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිිටියේ අගමැතිවරයා පත් කිරීමේ ප‍්‍රශ්න කළ නොහැකි බලයක් ජනාධිපතිවරයාට ඇති බවකි.
රාජ්‍යනායක, සේනාධිනායක, ආණ්ඩුවේ නායක හා අමාත්‍ය මණ්ඩල නායක වන්නේ ජනාධිපතිවරයා බව කතානායකවරයා නොදන්නවා නොවිය හැකි යැයි ද හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ අලූතෙන් පත්වූ ආණ්ඩුවේ පළමු කටයුත්ත වන්නේ ලබන වසර සඳහා අයවැය ලේඛනයක් සකස් කිරීම බවත් එහි දී විපක්ෂයට කළ හැකි එකම කාර්යය වන්නේ අයවැය ලේඛනය පරාජය කරමින් ආණ්ඩුව පෙරලීම යැයි ද රාජපක්ෂ මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවීමට ඇති ක‍්‍රම තුන වන්නේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති ස්ථාවර නියෝග අනුව සෑම මාසයකම පළමුවන සතියේ හා අවසන් සතියේ පාර්ලිමේන්තුව කැඳවීම බවත් දෙවැනි අවස්ථාව ලෙස අගමැතිගේ අවසරය ඇතිව කථානායකවරයාට පාර්ලිමේන්තුව තවත් දිනවල කැඳවීමට හැකි බවත් අගමැතිවරයාට නියමිත දිනවලට කළින් කැඳවන ලෙස කථානායකවරයාට නියෝග කිරීමට හැකියාවක් ඇති බවත් කී අමාත්‍යවරයා මේ හැර වෙනත් ක‍්‍රමයක් ඒ සඳහා නැතැයි ද කීය.
කෙසේ වෙතත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (3) වගන්තිය යටතේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තු සැසිය කල් දැමීමට ජනාධිපතිවරයාට පූර්ණ අභිමතය ඇතැයි ද සඳහන් කළේය. එම නියෝගය අස්සන් කළ මොහොත පටන් පාර්ලිමේන්තුව සම්බන්ධව පාර්ලිමේන්තුව තුල කතානායක වරයාට සහ අගමැතිවරයාට ක‍්‍රියාත්මක කරවිමට ඇති බලය අත්හිටවෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ පාරලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘අගමැති පුටුවේ ඉන්නේ කවුදැයි තීරණය කිරීමට කතානායකට අයිතියක් නෑ‘
menna Monday, 05 November 2018 02:11 PM
කතානායකතුමා, ජනාධිපතිතුමා කරන වැඩ කරන්න ගිහින් වගේ. ලංකාවේ උතුමන් තම තමන්ගේ රාජකාරි වල යුතුකම් සහ වගකීම් දන්නේ නැහැ වගේ. ඒකනේ කියන්නේ අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියලා.
පෙරුමාල්Tuesday, 06 November 2018 03:24 AM
අැත්ත තමයි මහත්තයෝ
රවින් Monday, 05 November 2018 02:15 PM
ඔය කොයි කවුරු මොන මොන සෙල්ලම් දැම්මත් අවසන් තීරණය ජනතාව තීරණය කරන බව තරයේ සිතට ගතහොත් වඩාත් සුදුසුයි. හැමදාම පොදු ජනයා මෝඩයාට අන්දන්න හිතන්න එපා...
savanthTuesday, 06 November 2018 04:31 AM
මෙච්චරකල් මහා ජනතාව දිනපු ඡන්දයක් කියන්න.
sirimal Monday, 05 November 2018 02:27 PM
කතානායක පුටුවේ ඉන්නේ කවුද කියලා තීරණය කරන්න හෝ රටේ අනාගතය කෙලෙස විය යුතුද කියලා තීරණය කරන්න සල්ලි වලට ගත්ත මන්ත්‍රී කණ්ඩායමකට පුළුවන්ද?
ගයන් Monday, 05 November 2018 02:28 PM
මේක මහා කාලකන්නි රටක්... මිනිහෙකුට පාරේ යන්න බැහැ. හැම මගුලකටම දේශපාලනය.
Rata Perata Monday, 05 November 2018 02:28 PM
වාසියට ඔක්කොම පකීර්ලා. මෙයාලට රස්සාව විතරයි කරගන්න තේරෙන්නේ නැත්තේ...
chathuri Monday, 05 November 2018 03:18 PM
අගමැති රනිල් වෙනදා වගේ එයාගේ ආසනයේ ඉන්නවා... දැනටත් ඔහු ඉන්නේ අරලියගහ මන්දිරයේ... එබැවින් මහින්ද පුරුදු විදියට ඉන්නවා මේ. ඉවසුව වගේ පක්ෂ, විපක්ෂකම බලලා වැඩි කෙනා නියමිත තැනට යනවා. පුටුවට, අගමැති කවුරු වුනත්... ලැජ්ජා වෙන්න එපා. ලැජ්ජා විය යුත්තේ මුදල් කෑදරකමට... තම පක්ෂය පවා දුන්නා.
upali Monday, 05 November 2018 03:42 PM
ඔය කෑගහන අය යන්නකෝ උසාවියට. කියන්න ව්‍යවස්ථාව උල්ලංඝනය කලා කියලා.
de silva Monday, 05 November 2018 05:13 PM
එක තීරණය කරන්න පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ මොකද ?
Chanak Los angeles Monday, 05 November 2018 10:38 PM
මොවුන් සුරසැප විඳින්නේ අහිංසක ජනතාවගේ මුදල් වලිනි . යන්න ලෝකයක් හොයා ගන්න........
rocky Monday, 05 November 2018 11:56 PM
ඇයි නැත්තේ? රටේ පුරවැසියන් වශයෙන් අපටත් අයිතියක් තියනවා
Daham Tuesday, 06 November 2018 04:52 AM
ව්‍යවස්ථාවේ සිංහල පරිවර්තනයේ ඇති අඩුපාඩුවක් ප්‍රයෝජනයට ගෙන රටට කර ඇති මහා විනාසයක්.