ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා අත්සන් කර තිබේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා අත්සන් කර තිබේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
මුන් ඔක්කොම වැඳගෙන ඉන්නේ. අනේ දෙවියනේ ඡන්දෙ දෙන ගොන්නුන්ට මොලය පහළ නොවේවා කියලා.
කිසිම දිනක ලඟින් තියාගතයුතු නොවන පුද්ගලයෙක් නේද අර වම් පැත්තෙන් පිටපස්සට වෙලා වැඳගෙන ඉන්නේ..? බලාගෙනයි.., කොයි වෙලේ පිටිපස්සෙන් අනියිද දන්නේ නැහැ. මෑන්ස් යටින් ගිහිල්ලා කට්ට ගහන්න කියාපු පොර...
කුරුණෑගල ජනතාවට බුද්ධිය පහළ වේවා !
පින්තූර දිහා බැලුවම නම් අතිශයින්ම සතුටුදායක අවස්ථාවක් බව පේනවා. රජකුලයට එක්වුන නවතම සාමාජිකයා ආච්චි, සීයා වඩාගෙන පෙන්වන්න හදන්නේ රාජපක්ෂ පරම්පරාව ගෙනයාම සඳහා වයස 35 පැන්නාම මෙයත් මැදමුලන කුලයෙන් බිහිවන නායකයා හැටියටද කියා මගේ ආච්චි අහනවා. අනේ මන්දා...උන්දැටත් හැම කෙහෙල්මලක්ම දැනගන්න ඕන. ආප්ප කාලා පසුපසින් පිහිපාර කාපු ව්‍යාජ සතුරන් යලි මිතුරන්වී එකතු වීමට මෙය හොඳ අවස්ථාවක් වුණා නේද? ඒත් අනාගත ඔටුන්න හිමි නාමල් කුමාරයා මේ පින්තූර වලින් නොපෙනෙන්නේ මොකද කියා බොහෝ දෙනෙක් නගන ප්‍රශ්නයක්. හැමෝම වැඳගෙන සිටීමෙන් පෙනීයන්නේ මේ කටයුත්ත පන්සලක හෝ දේවාලයක සිදුවූ දෙයක් ලෙසයි. එහෙම උනත් සීයා නම් කියන්නේ නාම යෝජනා පත්‍රය අත්සන් කරපු මොහොතේ උනත් දෙවියන් සිහිකර පිහිට ඉල්ලා ඉන්නා යදින බවයි. මගේ කටහැකර අසල්වැසියා අහන්නේ ඡන්දෙ දීලා මේ අය පාර්ලිමේන්තුවට යවන්නේ දෙවියන්ද ? කතිරය ගහන ජනතාවද කියලයි. එයත් නිවැරදි නේද ?
මේ වෙලාවේ කොරෝනා අපේ රටටත් ඇවිල්ලා... මෙයාලට ඡන්දෙ මහාලොකුවෙලා. රටට මොකක් වුණත් කමක් නෑ...
සහෝදර සමාගමට ජයවේවා...!
සිරිසේන සියලු දේවල් සම්පුර්ණ කරගෙන ඉන්නේ. දැන් නැවත ඕන වෙන්නේ රට සවාරි යන්න. ඒකටඑනේ බලයට එන්නේ. දෙන්න එපා ජන්දේ මෙයාට.
උකුස්සෙකුත් පාත් වෙලා තියෙන හැටි දැක්කාම මතක් වුනේ අපේ මුතුන් මිත්තෝ කියාපු කතාවක්. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු. පාර්ලිමේන්තු අසුනට මොන ලැජ්ජාවත් යටලු කියන එක අලුත් උනොත් නරකද?
අනේ අප්පා..... අපිට සේවය කරන්න විඳින දුකක්. තෙරපිලා, දාඩිය දාලා අත්සන් කරන්න මහන්සි වෙන හැටි දැක්කම.....ඊට පස්සේ නිදිමරාගෙන කෑගහගෙන ගුටි ගහගෙන පව්නේ ? මේ ඔක්කොම අපි වෙනුවෙන්මනේ ?
ප්‍රසන්න රණතුංග, ඔයා දැන් මොකද කියන්නේ...? කට්ටියම එකම පිලේ. පාස්කු නායකයාත් ඔය ඉන්නේ. දැන් හරිද ප්‍රසන්න. කියන්න...
රටටම එපා වුනු සිරිසේනව ගන්න තියෙන වුවමනාව මොකක්ද? 2015 මහ මැතිවරණයට ඉස්සෙල්ලා මහින්දව බ්ලැක්මේල් කරපු එක තාම කරනවා වගේ පේන්නේ. තවත් හොඳට බලපුවාම තේරෙන්නේ මෙතන ඉන්න ඕනේ කවුද කියන එකත් තීරණය කරලා තියෙන්නේ සිරිසේන වගේ. යූඑන්පී බෙදිලා කියලා කිව්වට රනිල් යූඑන්පී ඡන්ද පොහොට්ටුවට වැටෙන්න නොදෙන්න ගහලා තියෙන ගැටේ සමහර ලාමක දේශපාලකයින්ට තේරෙන්නේ නැහැ. රනිල්ට විරුද්ධ යූඑන්පී ඡන්ද විතරක් නෙමෙයි, රනිල් එපා කියන අනෙකුත් සියලු පිරිසගේ ඡන්දත් පොහොට්ටුවට යන්න නොදී, සජිත්ගේ මොකක්ද නම මතක නැති පක්ෂෙට හරවලා යවන්න රනිල් හොඳ ගැටයක් ගහලා තියෙනවා. අන්තිමට වෙන්නේ ආපහු ජාතික ආණ්ඩුවක් හැදෙන විදහට ප්‍රතිඵල එන එකද? මමත් හරියට දන්නේ නැහැ. ඡන්ද ප්‍රතිඵල කලින් තීරණය කරලද තියෙන්නේ..? දන්නේ නැති හින්දයි ඇහැව්වේ...
හොරුන්, දූෂිතයන් පැත්ත පළාතේ ගන්නේ නැහැ කියලා නේද කලින් කිව්වේ..?
මේවා දකිනකොට අපිට කොච්චර ආඩම්බරද? ලෝකේ තව කොහෙද මේවගේ රාජකීය දේවල් තියෙන්නේ.., අපි අහන්නෙම දකින්නෙම රාජකීය දේවල්..., ඉතිහාසය බැලුවත්, වර්තමානය බැලුවත් රාජකීය දේවල්, පුදුමේ තමයි වැඳගෙන ඉන්නවා දැක්කම ඇඬෙනවා.. මුල්ගල තිබ්බත් වැඳගෙන, රිබන් පටිය කැපුවත් වැඳගෙන, අත්සන් කරත් වැඳගෙන, බැංකුව කැඩුවත් වැඳගෙන, පාරට තාර දැම්මත් වැඳගෙන, මෙහෙම ගියොත් නම් අපිට වැඳගෙනම තමයි සේරම කරන්න වෙන්නේ...
හිරේ ඉන්න ඕනේ මෛත්‍රිපාල සිරිසේන කොහොමද මෙතන ඉන්නේ? පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව සීඅයිඩී එකට බාර දීලා, දැනදැනම 400කට අධික අහිංසක මිනිස්සු පිරිසක් මරන්න ඉඩදීලා තව 500 කටත් වැඩි ගානක් අබ්බගාත සහ තුවාල කළ එවකට හිටපු රටේ නායකයා සහ ආරක්ෂක ඇමති විදිහට සිරිසේනට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ වහාම. අප්‍රේල් 21 වෙනිදා උදේ 10 වෙනකොට පාස්කු ප්‍රහාරයේ බෝම්බ පිපිරීම දැනගෙන හිටයා කියලත් කිව්වා. හැබැයි ලංකාවට ආවේවත් නැතුව ජනතාව ආරක්ෂා කරන්න කිසිම නියෝගයක්වත් නොදී මිනිස්සු මැරෙන්න ඇරලා ලංකාවට ආවේ 22 වැනිදාට එළිවෙන්න. මේ වගේ මහා අපරාධයක් කරපු අත්වල ලේ ගෑවිච්ච සිරිසේනට මොන විදිහකටවත් උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියන්න හොඳ නැහැ. අගරද ගුරුතුමා සාධාරණය ඉල්ලලා උද්ඝෝෂණයක් කළොත් මමත් ඒකට උපරිම සහයෝගය දෙනවා. ඡන්දෙට ඉස්සෙල්ලා පාස්කු ප්‍රහාරයේ මේ මහා අපරාධකරයාට දඬුවම් දෙන්න ඕනේ. සිරිසේන වේදිකාවට ආවොත් ගලපිට ගල් ගහන්න ඕනේ මේ තරම් විශාල මිනිස්සු ප්‍රමාණයක් එක දවසේ ජීවිතක්ෂයට පත්කළාට. කිසි සමාවක් දෙන්න එපා...
දැන්නම් රට ගැන හිතනවාට වඩා මට මා ගැන හිතන්න කාලය ඇවිත්... මොකද මේ රට මල්වට්ටිය වගේ අතින් අතට වෙන්දේසි වෙන එක වළක්වන්න බැහැනේ මට විතරක්...
ඉස්සර හාමුදුරුවන් පිරිවරගෙන් වැඩකරපු කපු මහත්තයා දැන් මුණුපුරාව ඉස්සර කරගෙන පොඩි දරුවෙක් ගේන්න ඕනෑ තැනක් නොවෙයි මෙතන... දරුවාගේ හඳහන බලලද කුරුණෑගලින් ඉල්ලන්නේ. ගමේ මිනිස්සුන්ට. එපා නම් පිටගම් කාරයින් පිළිගනීද දෙවියනේ...? මේ ඡන්දෙන් අන්ත පරාජයක් ලබන්න ඕනෑ එහෙම... වුණොත් පොඩි දරුවටයි, අම්මටයි ගමෙන්... නගරයට එන්න වෙයි...
චම්පා, පොලිස් ආඥා පනත කියවලා බලන්න.
රෙද්දක් ඇඳගෙන මෛත්‍රී ත් මෙහි සිටී. ප්‍රසන්න ත් සිටී
ලෝකය පුරාම කොරෝනා ප්‍රශ්නය අපේ උන් ඡන්ද ගන්න දගලනවා මෙහෙම පාලකයෝ රටක් දියුණු කරයිද? ජනතාවනි වෙනස් වෙන්න දැන්වත්. නැතිනම් අපේ අනාගත පරපුර අපිට සාප කරාවී.
කාර්දිනල් තුමා කිව්වා නේද ඊයේ, පෙරේදා ඒ රජයේ සිටි ඉහළම එක්කෙනා ප්‍රහාරයට වග කියන්න ඕනෑ කියලා? එතුමා මොකද දන්නේ නැහැ කලින් ඒ බව නොකිව්වේ? පුතාගේ මගුල් ගෙදර වැඩත් දාලා කාර්දිනල්තුමාගේ බිෂොප් සමුළුවට හදිස්සියෙන් ආපු වෙලාවේවත් එතුමා ඒ කතාව නොකිව්වේ මොකද මන්දා...?
'අපේ විරුවට වැඩ කරන්න දෙන්නේ නෑ අයියා' කියල මෝඩ ප්‍රචාර කරන බයියලාට දැන් පේනවා ඇති නේද මේ ඔක්කොම එකයි කියලා. වැඩ බැරි හොරු ටිකක් විතරයි.
අරක්කු වීදුරුවක්, රෙදි කැල්ලක්,ටකරමක්, වෙනුවෙන් දුෂිත හොරුන්ට පන්දම් අල්ලන ඔබ වැනි පල් මෝඩයින් සිටිනාතක් කල් මේ රට ලෝකයේ පහළම තියෙන රට වෙලා තිබේවි.