තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම් මගින් අගමැතිවරයා වෙත එම ලිපිය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
එම ලිපිය පහත දැක්වේ.
ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට මොලේ නැද්ද නීතියට අනුව මේක කරන්න බෑ කියලා? ග්‍රාමසේවකලා රටේ නායකයා වුනාම මේක තමා වෙන්නේ... ඒ අය බලන්නේ ඒ අයගේ සනුහරේ රැකගන්න...
අපේ රටේ ප්‍රශ්න ඉක්මනින් අවසන්කිරීමේ අරමුණෙන් අගමැති වරුන් දෙදෙනෙක් පත්කළ ජනාධිපති තුමාගේ අසාමාන්‍ය ප්‍රඥා සම්පත්තියට අපගේ සුභ පැතුම්.!
යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කතාවක් තියනවනේ! මේ කිසිම උගත්කමක් නැති ජනාධිපතිවරයා කරන්න හදන්නේ ලංකාව තවත් කාබාසිනියා කරන්න. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතුව මොකද්ද මේ කරපු නාඩගම? හෙට අනිද්දා වෙනකොට රුපියල ඩොලරයට සමානව 200 නොවුනානම් පුදුමයක්!
මේකේ පත් කරපු වගන්තිය ලිව්වට අනෙක් වගන්තිය ලියලා නැහැ. සමහරවිට අර ගැසට් එක වගේද දන්නේ නැහැ...
රටක නායකයාම තම රජයට එදිරිවාදීකම් කිරීම, පුදුම සහගතයි. එවැනි නායකයෙක්ගෙන් නීතියක් ව්‍යවස්ථාවට ගරු කිරීමක් බලා පොරොත්තු විය නොහැකිය. අනාගත පරපුරට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට ඔහුගේ මෙම ක්‍රියාවන් හේතුවනු ඇත.
හෙට උදැසන ජාතික පුවත්පත්වලින් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ ධුරයෙන් ඉවත්කළ බව අරයා දැනගනිවිද මන්දා?
මේ කොහේ තියෙන බලතලයකින්ද අගමැති කරන්නේ? මේ වාහෙලා ශිරාණි බණ්ඩාරනායක යවපු විදිහට කරන්න බලන්නේ නැවත කාලකන්නි යුගයක් බලාගෙනයි.
[තමා වෙත ලැබී ඇති බලතල අනුව......] කකුල් දෙක පුළුවන් තරම් දිගහැර, තමාට මෙම තනතුරට ගොඩවීමට පිහිටවුන හිනිමගට වැරෙන් පහරදී රනිල් මැතිඳුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය පෙරලා දැමු බව...මින් දන්වා සිටිමි! දැන් ඔබට සතුටුද?
කාපු ආප්ප මදිවට... කඩුව වැනුවේ නැද්ද? ලක්ෂ 62ට සොරි ඩොට් කොම්...
ජනාධිපති ඔබ වහාම ඉල්ලා අස්වෙන්න.... රට ලේවිලක් කරන්නේ නැතිව කට පණ නැතිව හිටියේ... මේ වගේ දේවල් කරන්නද? ආප්ප නෙමේ කන්න වෙන්නේ... වහ. ජනතාව බිල්ලට දුන්නා. බුද්ධ ධර්මයේ පොත් බලන ගමන් ලෝක නායකයින් කොන්ද කෙලින් තියන් වැඩ කරපු පොත් අරගෙන බලන්න. ගරු ප්‍රේමදාස මැතිතුමාගේ වැඩහොයලා බලන්න. ඔබට මොනවද පුළුවන්...? ගැහැණියෙක් වෙලා හිටියා නම් කෙස් වලු පටලවා ගනී..
මේ සිදුවීමෙදි ගැටලු කීපයකම තියෙනවා. අයින් කරේ මොන වගන්තියේ බලතල යටතේද කියලා සඳහන් වෙන්නේ නෑ. (එහෙම බලයක් තිබේ නම් හොඳයි. මොකද නායකයෝ දෙන්නෙක් රටේ ඉන්න බැහැ.) ඒ වගේම මහින්ද මහත්මයාට බහුතරය තිබේ නම් තව දින කීපයකින් ගෙන ඒමට තිබුණ අයවැය පරාජය කර හෝ නැවත විශ්වාසභංගයක් මගින් බහුතරය පෙන්වා ආණ්ඩු බලය ලබා ගත යුතුව තිබුණා. ඒ වගේම මේ වනතුරු ජනාධිපති කිසිඳු ප්‍රකාශයක් මාධ්‍ය හරහා රටේ ජනතාවට නොපැවසීම හරහා රටේ අනවශය රන්ඩු වගේම යම් අස්ථාවර භාවයක් ඇති වෙනවා.
ඊයේ රෑ රනිල් මෛත්‍රිපාල එක්ක ආප්ප කාලා වගේ!!!
විශ්වාස කටයුතු බව, අවංක බව, තනතුරු අපහරණය නොකිරීම යනාදිය පවුල් පසුබිමෙන්ම ලැබෙන ගුණාග බව අපේ පුද්ගලික අදහසයි. දේශපාලනය ජීවන වෘත්තීය කරගත් දේශපාලකයන්ගේ රටේ නොසිට සමහර උගත් මිනිස්සු පවුල් පිටින් පිටරට පදිංචියට යන්නේ මොකද? මෙහෙව් රටේ දැන් දරුවෙක්වත් හරියට හදා ගත නොහැකි නිසාය.
කාගේ ආණ්ඩුව තිබුණත්, අපි වැඩ කළොත්... බඩගින්න නිවෙයි. අපිට කවුරුත් නිකන් දෙන්නේනෑ.. ඇමතිලාට වගේ.
රුපියල අවප්‍රමාණය වෙන එක මෙයාලා දැන් නවත්වයි නේද?
රට ලේවිලක් වෙන්නේ කොහොමද හලෝ? රනිල්ගේ ගෙදරට එක මිනිහෙක් යනවද එයාව බලන්න? දතාත් ගියාද කියා මට සැකයි.