(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන්ට මේ වනවිට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සේවයේ ස්ථිර නොවූ ඇතැම් පිරිස් සඳහා සේවයට වාර්තා නොකරන ලෙසට එහි උසස් නිළධාරීන් විසින් දැනුම් දි ඇතැයිද වාර්තා වේ.
අරලියගහ මන්දිරයේ සේවයේ නියුතු විශාල සේවකයන් පිරිසක් මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවා ඇතැයිද වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රියදුරන් දෙදෙනා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත මාරුකර යවා ඇතැයිද වාර්තා වේ.
COMMENTS
රියැදුරන් නොමැතිව අගමැති රනිල් මැතිතුමාට පොදු ප්‍රවාහනවලින්ද ගමන් බිමන් කරන්න කියන්නේ? හෙට අනිද්දා වනවිට එතුමාගේ ආරක්ෂක නිලවාහන සහ ආරක්ෂක නිලධාරීන් පවා මාරුකර යවා එතුමාගේ ජීවිතය විනාශ කිරීමට පවා "නිල නොවන රාජපක්ෂ" කණ්ඩායම පියවර නොගත්තොත් පුදුම වෙන්න එපා !
ඇඬෙනවා..
මෙදා පාර නම් නියම විදිහට ජාත්‍යන්තර මට්ටමින්ම අනාගෙන තියෙන්නේ හිටන් !!!
බය වෙන්න එපා. රනිල්ව මරන්න කවුරුත් නෑ... මේ රටේ. එයා ඊට වඩා හානියක් රටට කළා මේ ටික කාලෙට.
මේ වගේ පහත් වැඩ කල හැක්කේ මේ ගොල්ලන්ට පමණයි.