(ටී.කේ.ජී.කපිල)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය සිව් දින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (11) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම සංචාරය සඳහා දූත පිරිස ලෙස 10 දෙනෙකු එක් වී සිටියහ .
ඉන්දියාවේ තිරුපති සිට අද (11) දහවල් 12.45 ට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .
COMMENTS
මහින්ද මහත්තයා මේ විගඩම් නැවැත්තුවොත් හොදයි. ගෝඨාභය මහත්තයව ආදර්ශයට ගත යුතුයි. අනවශ්‍ය වියදම්, අනවශ්‍ය අය ගෙන යාම වහා නතර කර යුතුයි. නැතහොත් පක්ෂයේ පරාජය ඔබ බාර ගත යුතුයි. මෙහෙම ගියොත් රටත් ඉවරයි.
කිව්වේ නැතිද? මහජන මුදලින් තිරුපති යාම තමයි මේ ගමනේ මුලික අරමුණ.
අරන් ගිය සෙට් එක පරිස්සමින් අරගෙන ආවද සර් ? අරයා මිරිස් කුඩු එහෙම හොරෙන් අරන් අවේ නැහැනේ. ?
නාස්තියේ උපරිමය. 14 ක් කියා 64 දෙනෙක් අරන් ගිය අප්පච්චි. පුතා සහ ලේලිද ඇතුළත්ය. ශ්‍රී ලංකාව බකොලොත් යැයි මුළු ලෝකයටම පෙන්වූ ගමනක්. සත පහක වාසියක් නැත.
අයියාට මේ රජගේ මල්ලි සදාලා.......මෙ මල්ලි සදාලා ...රජගේ වත් නැත මේ ලස්සනට තියාලා........ඉස්සර සින්දුවක් මතක් උනා.
නිල සංචාරකයක් කියා ඉන්දියාවට ගියත් මහින්දගේ ගමනින් බාගයකටත් වඩා යොදාගෙන තිබෙන්නේ වන්දනා ගමන් වෙනුවෙන් බව දැනගන්න ලැබුණා. බුදුන්වහන්සේ උපන් දේශය වන්දනා කිරීමට අමතරව, ළඟ එන මහා මහමැතිවරණයෙන් ජනාධිපති මල්ලිට එරෙහිව අගමැති අයියාට වැඩි බලයක් ලබාගැනීම සඳහා තිරුපති කෝවිල වන්දනා කරපු බවත් ඒවායේ ලියා තිබුණා. කොහොම උනත් එහි ගියේ සාකච්චා වෙනුවෙන් නම් පොල්කට්ට පිරෙන තරමට අධි පොලියට ණය මුදලක් ලබාගැනීමට පුළුවන් උනාද කියා මහින්ද මහත්තයා ළඟදීම ජනතාවට කිවුවොත් හොඳයි නේද ? අයිය මලෝ දෙන්නම මාස තුනක් ඇතුලේ එකම රටකට ගියේ දෙවිදියකට කතා කරන එක නම් රටට හොඳ නැත. ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවකින් පිරිස ආපහු පටවා එව්වේ මොකද ?
දෙවාලෙටනම් ගියා. කිරි එහෙමත් හැලුවා. පන්සල් පැත්තේ යනවානම් දැක්කේ නැහැ. පන්සල් යන්න අවශ්‍ය මෙහෙදී විතරයි වෙන්න ඇති.
මෙතුමා එකල ජනාධිපති වී සිටින කල සියයක් පමණ දුතයන්ද සමග පුද්ගලිකව වෙන්කරවාගත් ශ්‍රීලන්කන් යානයකින් වතිකානුවටත් ඉන් නොනැවතී මිලානෝ නගරයටත් රාජ්‍ය ආරාධනාවකින් තොරව සැපත් වුවා. මිලානෝ නගරයේ මේ පිරිස තෙදිනක් ගතකලේ ඉතාලියේ මිල අධිකම හෝටලය වන සැවෝයියා රජකුමරියට අයත් හෝටලයේය. ඉන් පසු පිරිසෙන් කොටසක් ලෝක ප්‍රසිද්ධ මිලානෝ සන්-බාබිලා සාප්පු සවාරියක යෙදී ලංකාවෙන් ගෙන්වාගත් ශ්‍රී ලන්කන් ගුවන්යානයකින් ලංකාවට සැපත්වුවා. එම හෝටලයේ සේවය කළ මගේ ඉතාලි මිතුරෙක් මගෙන් ඇහුවා ලංකාවේ මිනිස්සු මෙතරම් පොහොසත්ද කියා.
අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.
අපිට මෙහේ කන්න නැතුව ඉන්නවා මෙයා අපේ සල්ලි වලින් පරම්පරාවම එක්ක තිරුපති වන්දනාවේ යනවා. මෙහෙමත් නායකයින්. මුන්දැලාට ඡන්දෙ දෙන ගොබ්බයිනුත් ඉන්නවනේ මේ රටේ...
63 න් ලක්ෂයේ සමාජිකයනි ඔබට ආඩම්බරද දැන්.?
මිරිස්කුඩු අරන් ගිය එක ගැන අපේ හිත රිදිලා ඉන්නේ.
අගමැති තුමා සමග නඩය 10 ද 64 ද නිවැරදි කුමක්ද ? 64 නිවැරදිනම් මේ ගිහින් තියෙන්නේ වන්දනා ගමනක්.