IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ රාමඥ්ඥ නිකායේ මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
 
මුලින්ම මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නාහිමියන් බැහැදැක අටපිරිකර පුජා කළ අතර අනතුරුව පැය භාගයක පමණ පිළිසඳර කතාබහද  නිරත විය.
 
මහා නාහිමියන් සමඟ පිළිසඳර කතාබහ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම මල්වතු අනු නාහිමියන්ද බැහැදුටුවේය.
 
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා නාහිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
 
ඊයේ පස්වරුවෙහි මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මුල මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නාපානේ පෙමසිරි රාමඥ්ඥ නිකායේ මහා නාහිමි බැහැ දැක ආශීර්වාද ලබාගත්තේය.
 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (9)

අගමැති අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් බැහැ දකී

sandy123 Thursday, 09 May 2019 06:39 AM

මේ අනිත් එක්කෙනා. පොත්ත වෙනස් වුනාට මදය එකයි. දේශපාලන බිස්නස් එක ලංකාවේ හොදටම හොදයි.

:       0       64

නෙවිල් Thursday, 09 May 2019 07:42 AM

බුලට් ෆෘප් කාර් අරන් ගියාද ?

:       4       161

Bandara Thursday, 09 May 2019 07:47 AM

මොකක්ද දන්නේ නැහැ ඊලග පාවාදීම.

:       220       731

Nishantha Thursday, 09 May 2019 07:52 AM

ඔය යන්නේ කටවල් වහන්න වෙන්න ඇති.

:       9       256

rocky Thursday, 09 May 2019 07:53 AM

මේක හරියට සීසන් ටිකට් එකක් ගත්තා වගේනෙ! යනවා .. එනවා .. යනවා .. එනවා! ඔයිට වඩා ලේසියි නේද, නායක ස්වාමීන්වහන්සේව පාර්ලිමේන්තුවේම නතර කර ගත්තොත්?

:       10       67

suran Thursday, 09 May 2019 08:20 AM

ජාතියේ පිනට පහල වෙච්ච අය......

:       0       19

SUMITH Thursday, 09 May 2019 08:21 AM

ඔය ගොඩක් හාමුදුරුවන්ට තියෙන්නේ මහා නායක නමක් මිසක් මහා නායක කමක් නැහැනේ . එහෙම තිබුනානම් ඔය රට ජාතිය ආගම විනාස කරන දේශපාලුවන්ට කනේ ඇඟිලි ගහගන්න කියන්න එපා නේද?

:       37       207

Kumara Thursday, 09 May 2019 08:37 AM

හොඳම විහිළුව

:       1       140

saman Thursday, 09 May 2019 09:03 AM

මහානායක හාමුදුරුවරු රටට වැදගත් දෙයක් කිව්වොත් තමා පුදුමේ උන්වහන්සේලා හමුවෙන්න යන මග වියදමත් අපරාදේ අනේ අපිටත් ආගමික නායකයෝ හිටියනම් ......

:       74       195

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 219 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site