IMG-LOGO

අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්


අංජුල මහීක වීරරත්න
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.
 
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.
 
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ මෙසේ ද සඳහන් වෙයි.



අදහස් (20)

අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

ajith Friday, 02 November 2018 11:23 AM

මේක හොඳ වැඩක්... දැන් ලේසියෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්.

:       448       1448

sandyFriday, 02 November 2018 12:45 PM

පාර්ලිමේන්තුව විසුරුවන්න නවක මන්ත්‍රීවරු ඉඩ දෙන්නේ නැහැ. පැන්ෂන් එක නැති වෙනවනේ...

:       49       160

පෙරේරාFriday, 02 November 2018 12:55 PM

දැන් විසුරුවන්න බෑ. විශ්වාසභංගෙන් මහින්ද පැරදුනොත් රනිල් නැවත අගමැති. මහින්ද බැලුවෙ අතුරු අයවැයක් ගෙනල්ලා ඒක දිනුවත්, පැරදුනත් වාසියක් ගන්න. මොකද අයවැය පැරදුනොත් ජනාධිපතිට ආණ්ඩුව විසුරුවන්න පුලුවන්. දැන් අයවැයට ඉස්සෙල්ලා විශ්වාසභංගෙට ඡන්දෙ විමසන්න ඕන.

:       1067       1073

ranga Friday, 02 November 2018 11:45 AM

මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු උන දේ එජාපෙ නියමෙටම කලා

:       296       317

Suranga Friday, 02 November 2018 12:44 PM

එජාපය ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් නුඹ නසී ....

:       1178       1228

suranjith Friday, 02 November 2018 12:54 PM

අජිත් මේක හොඳ වැඩක් තමයි හැබැයි ඔයාට නම් හොඳ වෙන්න බැහැ. මේකෙන් පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ ඔහු පරාද උවහොත් නව අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන්

:       99       632

vijaya Friday, 02 November 2018 04:20 PM

මම දන්නේ නැති නිසයි අහන්නේ. තනියම අත්සන් කරලා විශ්වාස භංගයක් භාර දෙන්න පුලුවන්ද?

:       257       461

sirimalFriday, 02 November 2018 06:52 PM

සභා නායක ලෙස ඔහුට ඒ අයිතිය තිබෙන බවයි මට හිතෙන්නේ.

:       0       0

Sanath Friday, 02 November 2018 04:57 PM

දැන් මහින්දගේ අගමැතිකම පිළිගන්නේ නැහැ කිව්වා නේද? මහින්ද මේකෙන් පැරදුණත් රනිල්ට ජනාධිපතිගේ විශ්වාසය නැතිකමෙන් තනතුර නැතිවෙනවා. අවසානය ඡන්දෙ තමයි.

:       0       0

Pablo Friday, 02 November 2018 05:01 PM

දැන් පාර්ලිමේන්තුවේ තව කාට විරුද්ධවද දෙන්න තියෙන්නේ ... විශ්වාසභංග...?

:       0       0

අචලා Friday, 02 November 2018 06:40 PM

එන් ජී ඕ අය සුළුා ජාතින් හැමෝම බලන්නේ මහින්දව එලවන්නයි මොකද මහින්ද හිටියොත් බටහිරට බෑ රටට අත දාන්න, දෙමළ මිනිහට බෑ කොටින්ට පන දෙන්න, මුස්ලිම් මිනිහට බෑ තමන්ට ඕන විදියට ෂාරියා පතුරවන්න, ඒකට එරෙහි වෙන අයව හිරේ දාන්න. ඒක නිසා මේ වෙලාවේ හැම සිංහලයෙක්ම එකට ඉදලා මහින්දව දිනවන්න ඕනේ. මම මහින්දට වැඩියේ කැමති නෑ මොකද එයා චීනට රට සින්න කරපු නිසා, එයාගේ වටේ හිටපු අය හොරකම් කර නිසා, නමුත් අනෙක් කට්ටිය එක්ක බැලුවොත් මහින්ද ගොඩක් හොදයි. විශේෂයෙන්ම රටේ ඒකීය භාවයට, සිංහලයාගේ යහපතට මහින්ද හොදයි. ඒක නිසා අපි හැමෝම එකට ඉන්න ඕනේ මේ වෙලාවේ. නැත්නම් සුළු ජාතීන් අපිව පාගලා දානවා.

:       0       0

sirimal Friday, 02 November 2018 07:08 PM

විනයානුකූල නායකයෙක් යැයි ලෝකයේ ජනාදරයට පාත්‍රවූ කෙනෙක් අවසානයේදී රට තුළ නිර්මාණය කොට ඇති දේශපාලන වාතාවරණය ඉතාම අශීලාචාරය. අසරණ මිනිසුන් මුලාවේ හෙලමින් මෙවැනි කටයුත්තක් කිරීම ඇත්ත වශයෙන්ම ආත්ම ගණනකින්වත් වන්දි ගෙවීමට නොහැකි පාප කර්මයකි. එය වසා ගැනීම සඳහා “මැරුවත් ෆෙඩරල් දෙන්නේ නෑ, උතුරු නැගෙනහිර එකතු කරන්නේ නෑ” වැනි සංවේදී කතා සිංහලයින් සොච්චමක් පිනවීමට සමත් වුවත් එයින් ඔහුට හෝ සමස්ථ රටට ඇතිවන සුගතියක් නැත. එසේ කියා තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් පිරිස් ඇතිකළ හානිය, රට බෙදීමට සටන් කල අය කළ හානියට වඩා සුවිශාලය. ජනාධිපතිතුමාද ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ජාතිවාදය නමැති ව්‍යාකූල අසික්කිත සමාජ සැහැසිකම තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිතා කරමින් සිටියි.. එය ඔහුට කිසිම දිනෙක රට සහ රටේ මිනිසුන් වෙනුවෙන් ස්ථීර ප්‍රතිපත්ති ඇතුළත් වැඩපිළිවෙලක් නොතිබූ බව සනාථ කරන්නකි. නාමල් අද කියන්නේ මහින්ද අගමැති කිරීමේ රහස් සැලැස්ම මාස 4 ක්ම ක්‍රියාත්මක වූ බවය. එසේනම් ඝාතන කුමන්ත්‍රණ නාඩගම පට්ට පල් කෙබරයකි. දැන් බිහිවීමට යන මුදලට විකිනෙන ජඩ මිනිසුන්ගේ ජුන්ටා පාලනයෙන් රටට වෙන කෙන්ගෙඩියක් නැත. අපට දුක ඒකයි.

:       0       0

JAGATH Friday, 02 November 2018 08:29 PM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...

:       0       0

Kumar (Gulf) Friday, 02 November 2018 09:21 PM

විශ්වාස භංගයට ජයවේවා!!! යුක්තිය විසඳේවා !!!

:       0       0

sumudu Friday, 02 November 2018 09:31 PM

විසුරවන්න 2/3 ක් කැමැති වෙන්න ඕනේ...

:       0       0

Sanjeewa Friday, 02 November 2018 09:33 PM

මොනවා කරත් මේ සැරේ එජාපය පැරදෙනවා...

:       0       0

Perera Saturday, 03 November 2018 05:41 AM

අවුලෙන් අවුලට යන හැඩයි !!!

:       1       3

G.siriwardhana Monday, 05 November 2018 09:49 AM

අතිගරු ජනාධිපතිතුමාගේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ගත් තීන්දුවක්.. දැන් තමයි ගත් තීන්දුවේ බැරෑරුම්කම අවබෝධ වී තිබෙන්නේ. ඡන්ද දායකයා නිසා දේශපාලකයා ඩොලර් හම්බ කර ගන්නවා..

:       0       33

G dasanayake Friday, 09 November 2018 07:19 PM

සෝභිත හිමි දෙවැනි වරටත් ගත්ත ණය කාලා නේද?

:       0       0

leelananda Friday, 16 November 2018 06:18 AM

අන්තෝජටා බහිජටා ......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site