(හර්ෂණ තුෂාර සිල්වා)
අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානයේ නායකයා මරා දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට සුබ පැතුම් එක් කර ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මහතා අද (27) ලිපියක් යවමින් අග්‍රාමාත්‍යවරයා එලෙස සුබ පැතුම් එක් කර තිබේ.
රුසියාව, තුර්කිය, සිරියාව සහ ඉරාකයේ ද සහාය ඇතිව අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඩි අල්ලාගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ අතරවාරයේදී ඔහු මරාගෙන මරෙන බෝම්බ සහිත කබාය පුපුරුවා ගනිමින් මියගිය බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
මෙරට පල්ලි තුනක් සහ හෝටල් තුනකට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තම සංවිධානය සිටින බව ද අයි.එස්. නායකයා එම ප්‍රහාරයෙන් දින අටකට පසු වීඩියෝ සහ හඬ පටයක් නිකුත් කරමින් පැවැසීය.
COMMENTS
දැන් අගමැතිට බනියි ලකුණු ගන්න සුබ පැතුවා කියලා දැන්. බලමු අනිත් කට්ටිය මොනවද කියන්නේ කියලා.
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ.
හැබැයි අරයත් සුබපැතුම් යවලා ඇති. ඔබතුමාගේ ගෝලයා ආවත් අරයා ආවත් දෙන්නම ට්‍රම්ප් මැතිතුමාගේ සුවච කීකරු ගෝලයින් නිසා දැන්මම ලකුණු දාගන්න පටන් ගන්න එක හොඳයි...
මාර බඩුවක් තමයි. ප්‍රභාකරන් පරද්දපු වෙලාවේ වත් ඔහොම සුබපැතුමක් එක් කලේ නැහැ නේද..? අැමරිකාව නිසා වෙන්ටැ පැනලා දෙන්නේ ....
ඔබතුම සහ හකීම් සහ බදුදීන් ට මගෙන් සුබ පැතුම්.
මෙහෙ යුද්ධය කරනකොට නම් තොප්පිගල කියන්නේ කැලෑවක් කියලා කියපු කෙනොද මේ...!
මෙයා දැන් උඩ පැන පැන කිව්වනේ ලංකාවේ අයිසිස් ත්‍රස්තවාදීන් සම්පූර්ණයෙන් ඉවරකළා කියලා (හැබැයි තවමත් කට්ටිය අල්ලනවා.. නොකර සද්ද) එතකොට ට්‍රම්ප් මහත්තයා මෙයාට සුබපැතුවේ නැද්ද? නෑ මං මේ නිකමට අහන්නේ..
අපේ රටේ වූ ප්‍රහාරය වළක්වා ගන්න තිබුණු එක කරබාලා ට්‍රම්ප්ට සුබපතලා ලියුම් යවනවා. අහෝ අවාසනාවක මහත...
ඔබතුමා ඇමරිකාවේ ජනපති වී හිටයානම් මේතුමා සමග අත්වැල් බැදගෙන රටේ සංචාරයකුත් දීලා
මටත් සිතුනා පළමු වතාවට අගමැතිතුමාගේ ක්‍රියාවට සුබපතන්න. ඒ වගේම අමැරිකාවටත් ස්තූතියි.
අගමැතිතුමනි, ඔබගේ මුළු පක්ෂයම රිෂාඩ්, හකීම්ලා අල්ලාගෙන ඡන්ද දිනන්න උත්සාග ගත්තත්, ඔබ පමණක් නියම දේශපාලන නායකයකු ලෙස ක්‍රියා කිරීම මෙම පනිවිඩයෙන්ම ඔප්පුවෙනවා. නමුත් ඇත්ත තත්වය නම්, ඔබව මුළු පක්ෂයම ප්‍රතික්ෂේප කිරීම තුලින් ජනාධිපතිවරණයට පසු, පරාජය ලැබුණු පසුව ඔබතුමාව පක්ෂ නායකත්වයෙන් පහ කොට දමා, පාර්ලිමේන්තුවේදී ඔබ දැරියයුතු විපක්ෂ නායක තනතුරෙන්ද පහ කිරීමයි. එය ඉතා කනගාටු ක්‍රියාවක් වුවත්, එය සිදුවීම ස්තිරයී. එවන් දිනයකදී, ඔබතුමා සිටිය යුත්තේ මහින්ද-ගෝඨාභය රජයත් සමගයී.
දන්නා කාලෙක හරි වැඩක් කෙරුවමයි.
එදා පාස්කු ප්‍රහාරය දා මොකුත් නොදැන හිටිය ඔබලාගේ අද මේ වෙනස මොකද්ද මිනිසුන් බලාගෙන ඉන්නේ, පමාවෙලා හරි මෙහෙම හිතුන එකගැන නම් බොහොම ස්තුතියි, ඉදිරියක් පෙනෙනතෙක් මානෙක නැති නිසා වත්ද මේ වෙනස?
කටින්ද දන්නේ නැහැ සුබ පැතුවේ...?
මේ පාර ජනාධිපති ඡන්දෙ මට පේන්නේ හාවගෙයි, ඉබ්බගෙයි රේස් එක වගේ අන්තිමට බලන්නකෝ... ඉබ්බා දිනුම් කියයි.
අපේ ලංකාවේ හමුදාවන් කොටි පරාජය කරගෙන යනවිටදී තොප්පිගල කැලෑවක් කියමින්, කිලිනොච්චිය මැදවච්චිය කියමින් අපේ අයට ගරහපු කෙනෙක් මොකද මේ හදිසියේම ඇමරිකාවට අත වනන්නේ? ඇමරිකාවේ ග්‍රීන් කාඩ් එකක් ගන්න හිතිලාවත්ද, එහෙම නැත්නම් සුද්දා කරනදේ විතරක් හරිය කියලා දකින කළු සුද්දෙක්ද?
ඇයි අප්පා ශෝකය පල නොකළේ? එයා ආණ්ඩුවේ කුණුගොඩට කරගහලා ආණ්ඩුවේ නොහැකියාව වහලා දුන්නනේ...