IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි

(වසන්ත චන්ද්‍රපාල)


අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාලයේ පාලනධිකාරිය කටයුතු කළ බව එහි ලේඛාධිකාරි අබ්දුල් සතාර් මහතා  පැවසිය.


තාක්ෂණ පීඨයේ සිසුන් පස්දෙනෙකුගේ  විශ්ව විද්‍යාල  ශිෂ්‍ය භාවය අහෝසි  කිරිම සහ   සහ පන්ති තහනම් කරන ලද සිසුන් ගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තාක්ෂණ  පීඨයේ සිසුන්  විරෝධතා පැවත්වු  අතර එයට පිළිතුරක්  නොලැබීම හේතුවෙන්  සිසුන් විසින් පරිපාලන ගොඩනැගිල්ල අත් පත් කරගෙන  ඇත.


 මෙම ගැටළුකාරී තත්ත්වයන් හේතුනේ විශ්ව විදයාල පාලනාධිකාරීය මෙම තීරණය ගෙන තිබේ.


මෙම පරිපාලන ගොඩ නැගිල්ල අත්පත් කර ගැනිමත් සමඟම විශ්ව විද්‍යාලයේ පරිපාලනය මුලුමනින්ම බිද වැටි ඇති බවද ලේඛාධිකාරිවරයා කීය.


දැනට දින 08 ක පමණ කාලයක් මෙම විශ්ව විද්‍යාලය තුළ කිසිම පරිපාලන කටයුත්තක් කිරිමට නොහැකි වු අතර එම නිසා විශ්ව විද්‍යාලය පවත්වා  ගෙන යෑමට නොහැකි වු නිසා මෙම පියවර ගත් බවද සදහන් කළේය.


මෙම විශ්වවිද්‍යාලය තුල අධ්‍යනය කරන සිසුන් සදහා භාණ්ඩ මිලදී  ගැනීම් සිදු කිරිමට ඇතත් මෙම විරෝධය හේතුවෙන් එම කටයුතුද ඉටු කිරීමට නොහැකි වු බවද ලේඛාධිකාරිවරයා පැවසිය.


මේ පිළිබද  විරෝධය දක්වන සිසුන්හු  පවසනුයේ  ආසාධාරණ ලෙස සිදුකරන ලද ශිෂ්‍ය භාවය අහෝසි කිරිම සහ පන්ති තහනම ඉවත් කරනතුරු මෙම අරගලය ඔවුන් දිගටම පවත්වන බවයි.

 



අදහස් (3)

අග්නිදිග සරසවිය දින නියමයක් නොමැතිව වසා දමයි

dias Wednesday, 24 October 2018 10:50 AM

අද රජයේ විශ්ව විද්‍යාල වලින් ඉහෙනගත් අයගෙන්, රටේ සමස්ත ශ්‍රම බලකායට අත්‍යවශ්‍ය වන්නේ ඉතාමත් සුළුතරයකි. එබැවින්, මෙවැනි ආයතන වසා තැබීමෙන් රටේ ආර්ථිකයට විශාල හානියක් සිදු නොවේ. අද රටට අවශ්‍ය වන්නේ මුදල් ගෙවා තමන්ට කැමති අධ්‍යාපනයක් ලබා ගත හැකි ආයතන බිහි කිරීමයි. මක් නිසාද යත්, එවැනි ආයතන වල ඉගෙන ගන්නා සිසුන් අධ්‍යාපනයේ වටිනාකම දන්නා බැවිනි.

:       364       332

සතයපාලWednesday, 24 October 2018 12:29 PM

මුදලට විකුණන උපාධියට වඩා රාජ්‍ය විශ්වවිද්‍යාලවල නොමිලේ ලබාදෙන උපාධිය ගුණාත්මක භාවයෙන් ඉහළයි. මෙතන ප්‍රශ්නය වෙන්නේ රාජ්‍යයද, පෞද්ගලිකද කියන ප්‍රශ්නයට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාලවල පරිපාලනයට පත්වන උදවියට ටික කාලයක් යනවිට අමතක වෙනවා තමන් මෙම ආයතන වල භාරකාරයින් බව... ඉන්පසුව ඔවුන් තමන් අයිතිකරුවන් සේ සිතමින් කටයුතු කරන්න පෙළඹෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ සිසුන් හා පරිපාලන අතර ගැටුම් නිර්මාණයවීමයි...

:       0       3

SamWednesday, 24 October 2018 12:47 PM

ඔන්න කිව්වා ලොකු ගොන් කතාවක්..............

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site